(නිමන්ති රණසිංහ)
ප‍්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයාගේ කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජූලි මස 27 වැනිදා පිටු 210 කින් සමන්විත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී නඩුවේ පාර්ශ්වකරුවකු නොවන එමෙන්ම, ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකු නොවන කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් කරුණු විමසා පැලෝපීය නාල පරීක්ෂාව නොහොත් එච්.එස්.ජී (H S G) පරීක්ෂණය නවතා දැමීමට නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට එම දෙපාර්තමේන්තුව කොමිසමෙන් ඉල්ලා ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.