(තරිදු ජයවර්ධන)
කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට දී තිබූ ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවීමේ තීරණය ඉවත් කර ඔවුන්ට ස්ථාන මාරු ලබා දීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) තීරණය කළේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් අධිකාරීවරයා කුරුණෑගල දිසාවේ සිටියහොත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධ විමර්ශනයට බාධා ඇතිවන බැවින් ඔවුන් ස්ථාන මාරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි.
ඒ අනුව එම නිලධාරීන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා පසුගිය මස 27 වැනි දා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය බ්‍රහස්පතින්දා (01) ඔවුන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කළ අතර සිකුරාදා (2) එම ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබිණි.
ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) යළිත් රැස්වූ අවස්ථාවේ දී එම ස්ථාන මාරු වෙනස්කමකට භාජනය කර යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ඒ අනුව කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා කන්තලේ කොට්ඨාසබාර පොලිස් අධිකාරී ලෙසත් ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) අනුමැතිය ලබා දී තිබේ.
මෙම නිලධාරීන් දෙදෙනා සාෆි සම්බන්ධ විමර්ශනයේ දී විනයානුකූල නොවන අයුරින් කටයුතු කර ඇති බවට තමන් පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත්,ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් කොමිසම සාලිට බයවුණා නේද? ඇත්තටම සෘජු තීරණ ගන්න බැරි කොමිසම ගැන කණගාටුයි!
ඔය කොමිෂන්, තේරීම් කාරක සභා පත්කරන අය මාරුකළොත් ගොඩක් ප්‍රශ්න අවසන් කළ හැකියි. එය කළයුතුමයි. සිංහලයට ශක්තිය, ධෛර්යය ලැබේවා..!
ඔන්න අපේ උන්ගේ කෙරුවාව...
ජාතික පොලිස් කොමිෂන් සභාව මීළඟ රැස්වීමේදී නැවත ස්ථාන මාරු අත්හිටුවීමේ තීරණය ගනීද?
දේශපාලන හැඟීම් හිතේ තියාගෙන පොලිස් ස්ථානාධිපතිවරු වැඩ කළාම ඔහොම ස්ථාන මාරු හම්බ වෙනවා. සමහරුන්ගේ කට උත්තර අරන් තියෙන්නේ වෙන දවසක... හැබැයි පොලිස් පොතේ ලියලා තියෙන්නේ වෙන දවසක්... තව කට උත්තර අරන් තියෙන්නේ කොළඹ... හැබැයි පොතේ ලියලා තියෙන්නේ පොලිසියේ ඉඳලා ගත්තා කියලා... මෙතුමාගේ බිරිඳ එහෙමත් ඔය රෝහලේලු වැඩ කරන්නේ... ඔය සාෆි සහ ඔය දොස්තර නෝනා අතර එහෙම ප්‍රශ්න තිබුණා එහෙම කියන්නේ්...
ශානි අබේසේකරද?
දැන් හරි. ඔක්කොම සාක්ෂි යට ගහලා නිදහස් වෙන්න පුළුවන්. කොහොමද ඒක...?
ජනවාරි 1 වෙනිදාට ඔය ඔක්කොම අවලංගු වෙනවා. දේශපාලන අපරාධ පරීක්ෂණයේ අයත් ගෙදර යවනවා ජනතාව විසින්.. ජනතාවට යුක්තිය ඉටුවේවා.. එජාපයේ පොලිස් කොමිසමත් අවලංගු වෙනවා සියලු දේ අනිත්‍ය වෙනවා.. සමනල පාලනය අවසන්...
දාපු සද්දේ වැඩ කරලා වගෙයි...