IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිගේ - පොලිස් අධිකාරීගේ ස්ථාන මාරු අනුමත කරයි

(තරිදු ජයවර්ධන)
 
කුරුණෑගල  දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට දී තිබූ ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවීමේ තීරණය ඉවත් කර ඔවුන්ට ස්ථාන මාරු ලබා දීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) තීරණය කළේය.
 

නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් අධිකාරීවරයා කුරුණෑගල දිසාවේ සිටියහොත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධ විමර්ශනයට  බාධා ඇතිවන බැවින් ඔවුන් ස්ථාන මාරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි.
 
ඒ අනුව එම නිලධාරීන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා පසුගිය මස 27 වැනි දා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය බ්‍රහස්පතින්දා (01) ඔවුන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කළ අතර සිකුරාදා (2) එම ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබිණි.
 
ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) යළිත් රැස්වූ අවස්ථාවේ දී එම ස්ථාන මාරු වෙනස්කමකට භාජනය කර යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පොලිස් ආරංචි මාර්ග කියයි.
 
ඒ අනුව කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා කන්තලේ කොට්ඨාසබාර පොලිස් අධිකාරී ලෙසත් ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) අනුමැතිය ලබා දී තිබේ.
 
මෙම නිලධාරීන් දෙදෙනා සාෆි සම්බන්ධ විමර්ශනයේ දී විනයානුකූල නොවන අයුරින් කටයුතු කර ඇති බවට තමන් පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත්,ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (11)

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිගේ - පොලිස් අධිකාරීගේ ස්ථාන මාරු අනුමත කරයි

මුණසිංහ Friday, 09 August 2019 12:40 AM

එහෙනම් කොමිසම සාලිට බයවුණා නේද? ඇත්තටම සෘජු තීරණ ගන්න බැරි කොමිසම ගැන කණගාටුයි!

:       1       1

MD Friday, 09 August 2019 12:44 AM

ඔය කොමිෂන්, තේරීම් කාරක සභා පත්කරන අය මාරුකළොත් ගොඩක් ප්‍රශ්න අවසන් කළ හැකියි. එය කළයුතුමයි. සිංහලයට ශක්තිය, ධෛර්යය ලැබේවා..!

:       0       13

saman Friday, 09 August 2019 01:14 AM

ඔන්න අපේ උන්ගේ කෙරුවාව...

:       1       2

ලුම්බිණි Friday, 09 August 2019 02:21 AM

ජාතික පොලිස් කොමිෂන් සභාව මීළඟ රැස්වීමේදී නැවත ස්ථාන මාරු අත්හිටුවීමේ තීරණය ගනීද?

:       1       1

Kavidu Friday, 09 August 2019 03:58 AM

දේශපාලන හැඟීම් හිතේ තියාගෙන පොලිස් ස්ථානාධිපතිවරු වැඩ කළාම ඔහොම ස්ථාන මාරු හම්බ වෙනවා. සමහරුන්ගේ කට උත්තර අරන් තියෙන්නේ වෙන දවසක... හැබැයි පොලිස් පොතේ ලියලා තියෙන්නේ වෙන දවසක්... තව කට උත්තර අරන් තියෙන්නේ කොළඹ... හැබැයි පොතේ ලියලා තියෙන්නේ පොලිසියේ ඉඳලා ගත්තා කියලා... මෙතුමාගේ බිරිඳ එහෙමත් ඔය රෝහලේලු වැඩ කරන්නේ... ඔය සාෆි සහ ඔය දොස්තර නෝනා අතර එහෙම ප්‍රශ්න තිබුණා එහෙම කියන්නේ්‍...

:       14       29

gaasas Friday, 09 August 2019 05:41 AM

ශානි අබේසේකරද?

:       0       1

Perera Friday, 09 August 2019 06:04 AM

දැන් හරි. ඔක්කොම සාක්ෂි යට ගහලා නිදහස් වෙන්න පුළුවන්. කොහොමද ඒක...?

:       19       0

janahitha Friday, 09 August 2019 08:38 AM

ජනවාරි 1 වෙනිදාට ඔය ඔක්කොම අවලංගු වෙනවා. දේශපාලන අපරාධ පරීක්ෂණයේ අයත් ගෙදර යවනවා ජනතාව විසින්.. ජනතාවට යුක්තිය ඉටුවේවා.. එජාපයේ පොලිස් කොමිසමත් අවලංගු වෙනවා සියලු දේ අනිත්‍ය වෙනවා.. සමනල පාලනය අවසන්...

:       20       8

KaveeshaSaturday, 10 August 2019 03:40 AM

සමනල පාලනය අවසන් කරලා මිනීමෝරු, සුනාමි හොරු, මිග් යානා හොරු, සුදු වෑන්, 10% කොමිස් හොරු, එතනෝල් කාරයෝ, ළමා අපචාර කාරයෝ, ගුරුවරු දැනගස්සපු අය, මාල කඩපු අය, මිරිස් කුඩු ගහන අය, වැලි ජාවාරම් කාරයෝ, කුඩු කාරයෝ, සින්නක්කර හොරු රජ කරවන පවුල් පාලනයක්ද එනවා කියන්නේ...? උන් එලවලා හුඟක් කල්.. උන්ට ආයේ එන්න බැහැ...

:       0       1

athuraSaturday, 10 August 2019 04:53 AM

හීනයක් ගැන කියනවද? අනාවැකියක් කියනවද? නැතිනම් පිස්සුවෙන් කියවනවද?

:       0       0

Athula k Friday, 09 August 2019 09:39 AM

දාපු සද්දේ වැඩ කරලා වගෙයි...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 913 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1002 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 397 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site