
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පෞරාණික වටිනාකමක් සහිත බුවනෙකබාහු රජතුමන් භාවිත කළ කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට වගකිවයුතු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ගොනු කළ රිට් පෙත්සමේ සම්බන්ධයෙන් මැයි 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී කරුණු දක්වන්නැයි නියෝග කරමින් අභියාචනාධිකරණය අද (04) පොලිස්පති , කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා , පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් , නගරාධිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලදී.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් එදින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ද විනිසුරු මඩුල්ල නියම කළේය.
කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට වගකිවයුතු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් ඉදිරිපත් කරන්නැයි පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිට නියෝග කරන මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නාමල් කරුණාරත්න මහතා මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් ප්‍රයෝජනවත්...!!!
දැන් කොහොමහරි අන්තිමට වෙන්නේ පැමිණිලි කාරයා හිරේ යන රටක්. රාජ සභා විනාශ කළා කියලා පෙනි පෙනී කුරුණෑගල බුද්ධිමත් ජනතාව ජොනීට ඡන්දේ දුන්නේ...
වැඩිපුර පරක්කු නොවී, ඉක්මණින්ම ඒ නඩුවෙනුත් නිදොස් කොට නිදහස් කරනවා නම් තමයි ඉතින්, හිතේ සතුටට ගෙදර කිරිබතක්වත් උයන්න හිතෙන්නේ.... හා නැද්ද?
නගරාධිපතිතුමන්ගේ මයිල් ගහකටවත් හානියක් වෙන්න අපි ඉඩදෙන්නේ නැහැ.
අපි තමයි හොඳටම කලේ...
අපි දන්නවා නීතිය...!!!
හපොයි, කෝ මේ ජොනී මලයා?