IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කුරුණෑගල කඩ බෙදද්දි අත යට ගැහිලි:විගණනයෙන් පරීක්ෂණ

(සුජිත් හේවාජුලිගේ)

කුරුණෑගල මහ නගර සභාව මධ්‍යම වෙළෙඳපොළේ සහ මාලිගාපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක කඩ කාමර 250 කට ආසන්න සංඛ්‍යාවක් බදුදීමේදී සිදුවී ඇතැයි කියන බරපතළ වංචා දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය පරීක්ෂණයක් අරඹා ඇත.

මේ අතර කුරුණෑගල බස් නැවතුම්පොළෙහි මගී ජනතාවට පහසුවෙන් රැඳී සිටීමට වෙන්කර ඇති හිස් නිදහස් ප්‍රදේශයේ කඩ කාමර 31ක් පෞද්ගලික වියදමින් ඉදිකරගැනීමට අවසර ලබාදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද විගණන විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.

බස් නැවතුම්පොළ සදහා සකස් කර තිබූ මූලික සැලැස්මෙන් බැහැරව කරන ලද මෙම කඩ කාමර ඉදිකිරීම් සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ හෝ නගර සභා සැලසුම් කමිටුවේ හෝ අනුමැතිය ලබාගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙය ජනතාවගේ පොදු යහපතට බාධාවන ක්‍රියාමාර්ගයක් බව මේ සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විගණන වාර්තාවේ සඳහන් වේ.

පුද්ගලයන් 31 දෙනෙකුගේ පෞද්ගලිකව නාමලේඛනයක් ලබාගෙන ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව අවිධිමත් ආකාරයට මෙම කඩ කාමර ලබාදී ඇතැයිද තොරතුරු හෙළිවී ඇත.

මධ්‍යම වෙළඳපොළ 1 හා 2 අදියර යටතේ ඉදි කරමින් පවතින කඩ කාමර 133ක් හා මාලිගපිටිය කඩකාමර 12 බදු දීමේදීද අක්‍රමිකතා විශාල වශයෙන් සිදුවී ඇතැයි පවසන විගණන වාර්තාව එම කඩ කාමර බදු දීමේ කටයුතුවලදී ලංසුකරුවන්ට ටෙන්ඩර් ලියකියවිලි පවා නොදී අධෛර්යමත් කර තිබූ බවද සඳහන් කරයි.

මේ අතර මධ්‍යම වෙළඳපොළ 3 අදියර යටතේ කඩකාමර 99ක් බදු දීමද රජයේ තක්සේරුකින් තොරව සිදුවී ඇති බව විගණන විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.

එමෙන්ම කුරුණෑගල වැව රවුම පරිශ්‍රය විනෝදාත්මක කටයුතු සඳහා බදුදීමේදී සහ එහි කඩකාමර බදු දීමේදී තරගකාරීත්වයකින් තොරව නියමිත ප්‍රසම්පාදන ක්‍රියාමාර්ගයෙන් බැහැරව කටයුතු කර ඇතැයිද විගණන කාර්යාල ප්‍රකාශකයෙක් පැවැසීය.

කුරුණෑගල වැව පාරේ කඩ කාමර ලබාගත් ආයතනයකින් නගර සභාව 2020 සහ 2021 වර්ෂවලදී රුපියල් හාර ලක්ෂයකට ආසන්න මුදලක් අය කරගෙන නොතිබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද විගණන නිලධාරින්ගේ විශේෂ අවධානය යොමුවී ඇත.

 



අදහස් (7)

කුරුණෑගල කඩ බෙදද්දි අත යට ගැහිලි:විගණනයෙන් පරීක්ෂණ

Hafeel Sunday, 19 December 2021 03:10 PM

එක රට එක නීතියලු. නමුත් කුරුණෑගල තමයි උපරිම නීතිය උල්ලංඝනය කරන්නේ. එහෙ ඉන්න අර අරක්කු ඇමති නිසා කුරුණෑගලට නීතිය නැති තත්වයක්. ඕන අපරාධ හෝ වැරදි කළත් කෙස් ගහවත් අල්ලන්න බැරි තත්වය එහේ...

:       1       18

ravin Sunday, 19 December 2021 03:57 PM

වහාම හදිසි පොදු කටයුතු ලෙස අධිකරණයට කරුණු කාරණා වාර්තා කොට නියමිත අධිකරණ ක්‍රියාවලිය තුළින් අනවසර ඉදිකිරීම් සියල්ල කඩා ඉවත්කරන්න. නාගරික සංවර්ධන අධිකාරිය තුළින් නියමිත ක්‍රියා පටිපාටියන්ට අනුකූලව නැවත වෙන්දේසි කරන්න. අතයටින් කළ ගනුදෙණු වලට කිසිම බුරුලක් නොදෙන්න.

:       0       9

Wishwa Sunday, 19 December 2021 06:37 PM

කුරුණෑගල තියෙන්නේ බාර් ප්‍රනාන්දුගේ නීතිය. සර්ගෙ එක රටක් එක නීතියක් එහෙ නෑ.. බාර් ප්‍රනාන්දුගේ නගරාධිපති ගෝලයා ඒක හින්දා ඕන වැඩක් බය නැතුව කරනවා..

:       0       9

JagathSunday, 19 December 2021 07:46 PM

බාර් ප්‍රනාන්දුට මුකුත් කියන්න එපා.අහවලාගේ දකුණු අත..ඔක්කොම කයිරාටික මදාවි දේශපාලන හැත්ත අහවලාගේ කට්ටිය තමයි..

:       0       0

Samantha Sunday, 19 December 2021 06:37 PM

2019 ජනවාරියේදී කළුතර අලුත් පොදු වෙළඳ පොළ ගොඩනැගිල්ල ව්‍යාපාරිකයන් අතරේ බෙදාදුන් වෙලාවේ ඒ කාලයේ බලයේ සිටි දැන් ගෙදර ඉන්න අලි මන්ත්‍රී කෙනෙකුත් ඔහොම දේවල් කරලා තිබුණා. කළුතර නගරයේ අසාධාරණයට ලක්වූ අය බස්වල නැගලා මතුගම ගියා පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමාට කියන්න ඒ ගොල්ලන්ගේ කෙනෙක් නිසා. මොනවා වුණාද දන්නේ නෑ. නමුත් ඒ හිටපු අලි මන්ත්‍රී කළුතර නගර සභාවේ ලොක්කාට ඕනෑ විදිහට වැඩේ කරන්න දුන්නා කියලා කතාව ගියේ. අරක්කු ඇමැතිත් පරණ අලියෙක්නේ. පරණ පුරුදු අරින්න බැරුව ඇති. දැන් ඉන්න කට්ටියේත් හොඳ ගරානාස් ඉන්න නිසා වැඩේ හොඳටම යනවා ඇති...

:       4       3

සෙනෙවිරත්න Monday, 20 December 2021 05:00 AM

අපරාදෙ සල්ලි , ඕවට දඩුවම් නැහැ.

:       0       2

ජන හඩ Tuesday, 21 December 2021 10:17 AM

උගත් වහලුන් හෘද සාක්ෂිය යටපත් කරගෙන ආගමික සංස්ථාව ලොවට පෙන්නමින් රගපාන මේ රටේ නූගත් වහලුන් හෘද සාක්ෂිය ගැන හැගීමක් නැතිව කයිවාරු ගසන්නේ තමන්ගේ කෙටි කාලීන සංතෘප්තිය උදෙසාය. එහෙත් ලොව දූෂිතම රටවල් ලැයිස්තුවේ අප දිනපතා ඉහළට යනවිට රටේ බහුතරයක් ජනතාව දුගීබවේ ප්‍රපාතයටම යන්නේ ලොකු අය ගහන ලොකු ගැහිලිවලට සමානුපාතිකව පොඩි අයත් නොපරදින බැවිනි. මේ ප්‍රධාන පක්්‍ෂ දෙකේ කොයි දේශපාලකයාටත් අද වෙනකන් රට හදන අවංක අභිප්‍රාය තිබු බවට සාක්ෂි නොමැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 399 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2176 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site