IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්මතයි

(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
 
ක්‍රීඩාවලට සම්බන්ධව වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද(11) සංශෝධන රහිතව සම්මත විය.
 
මේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව ස්ථාවර නියෝග අත්හිටුවමින් අද හදිසියේ කැඳවනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, කතානායක කරූ ජයසූරිය මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුවය.
 
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවද, ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා විසින් ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබීය.
 
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පෙරවරු 11.30ට ඇරැඹුණු අතර පස්වරු 2.30 දක්වා පැවැත්විණි.
 
මේ විවාදයේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද අදහස් දැක්වූහ.
 
ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනය පිළිබඳ ජනත් කෙටුම්පත ද අද මැතිසබයේදී සංශෝධන සහිතව සම්මත විය.



අදහස් (4)

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්මතයි

Mahee Monday, 11 November 2019 11:04 AM

ඔතන හිටපු සමහර මන්ත්‍රීලා ක්‍රිකට් සමාජ අල්ලාගෙන බලෙන් රිංගගෙන ඒ වටිනා ක්‍රීඩාව විනාශ කරන එකනම් මොන නීති ගෙනාවත් වළක්වන්න බැරිවෙයි.

:       71       5

[email protected]Monday, 11 November 2019 11:30 AM

ඕවා මොනවද? අපේ රටේ සල්ලි තියෙනවා නම් එල්ලුම් ගස් ගියත් බේරිලා එළියට එන්න පුළුවන්ලු...

:       0       61

ruby Monday, 11 November 2019 11:11 AM

බළලා මල්ලෙන් එළියට පැන ඇත.

:       0       2

Galapara Tuesday, 12 November 2019 02:48 AM

හරීන්ගේ මේ පනත ඉතිහාසගත වන සද්ක්‍රියාවක්... මොකද සූදු කාරයින්ට ක්‍රිකට් තහනම් වෙනවා. ඒත් දැනටත් අහිංසක ගමේ කොල්ලෝ ක්‍රිකට් ගහලා SLC එකට හොයපු සල්ලි හොරාකාලා ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site