IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ක්‍රිකට් නිලවරණ පෙත්සම සමතයකට

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)
 
හෙට දින (21) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය වළකාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා යොමු කළ දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම මූලික ගැටලූව අද (20) අභියාචනාධිකරණ්‍ය හමුවේ සමතයකට පත්විය.

පෙත්සම්කරුවන් දෙදෙනාට තනතුරු වලට තරග වැදීමට අවසර දීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා එකඟ වන බව දැනුම් දීමෙන් පසු සියලූ පාර්ශවකරුවන් එකඟත්වයට පත්වීමෙන් පසුව මෙය සමථය ඇති විය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ක‍්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා පැවසුවේ අමාත්‍යයවරයා මෙම පෙත්සමේ පළමු පෙත්සම්කරුට ලේකම් ධූරය සඳහාත් , දෙවැනි පෙත්සම්කරුට උප සභාපති ධූරය සඳහාත් තරග කිරීමට කැමැත්ත පළ කර ඇති බවය.

ඊට අනෙකුත් පාර්ශවකරුවන්ද එකඟ වූහ. ඒ අනුව පෙත්සම සමතයකට පත්විය. මෙම පෙත්සම ලබන මාර්තු 21 වැනි දා යළි කැඳවන ලෙසද නියෝග කෙරිණි.

වත්තල හැඳල මොහාන් ද සිල්වා සහ රවීන් වික‍්‍රමරත්න යන මහත්වරුන් විසින් ගොනු කරන ලද පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු , ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නම් කරනු ලැබ ඇත.



අදහස් (1)

ක්‍රිකට් නිලවරණ පෙත්සම සමතයකට

ගුණ්ඩා Wednesday, 20 February 2019 12:22 PM

ලංකාවනේ... අන්තිමේට ඕනෑදෙයක් අත යටින් පාස්....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site