(දමින්ද විජේසූරිය) 
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ කරුණු 3 ක් සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මෙන්ම ක්‍රිකට් පුහුණුකරුවකුද වන නුවන් සොයිසා වැරදිකරු වී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද නඩු විභාගයකින් අනතුරුව කරුණු 3 ක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කර ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30 කට ක්‍රීඩා කර ඇති නුවන් සොයිසා ඒවායේදී කඩුලු 64 ක් දවාගෙන තිබේ. එක්දින අන්තර්ජාතික තරග 95 කදී සොයිසා විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 108 කි.
නුවන් සොයිසාට එරෙහිව වසර 2018 දී දූෂණ විරෝධී චෝදනා එල්ල විය. තමන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස සොයිසා ඉල්ලා සිටි අතර ඔහුට එල්ල වූ සියලු චෝදනාවලට සොයිසා වැරදිකරු වී තිබේ.
වැඩිදුර විස්තර සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.