IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ක්‍රිකට් ක්‍රීඩකයාගේ නිවසට ප්‍රභූ ආරක්ෂාව යෙදීම ගැන වාර්තාවක් කැඳවයි

ඉන්දිකා රාමනායක
 
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා පදිංචිව සිටි රත්මලානේ නිවසට ප්‍රභූ ආරක්ෂාව    ලබා දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ.

 
ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියා පසුගිය මැයි මාසයේ දී වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වූ අතර පාතාලයේ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
 
මැයි මස 25 වැනි දා සිට එම නිවසට පොලිස් නිලධාරීන් 10 දෙනකුගේ ආරක්ෂාව ලබා දී තිබෙන බව පොලිසිය කියයි.
 
පදනමක් නැතිව එසේ ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇත්තේ ඇයිද යන්න ගැන වාහම වාර්තාවක් ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිට දැනුම් දී තිබේ. එම වාර්තාව ලැබුණු පසු ඉදිරි පියවර ගන්නා බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. 



අදහස් (5)

ක්‍රිකට් ක්‍රීඩකයාගේ නිවසට ප්‍රභූ ආරක්ෂාව යෙදීම ගැන වාර්තාවක් කැඳවයි

ajith Monday, 24 December 2018 01:39 AM

මේකේ වැරැද්ද මොකද්ද.? ගොඩක් පාතාල සමාජිකයෝ ප්‍රභූලානේ.

:       54       89

Akila Monday, 24 December 2018 02:03 AM

වටිනා ක්‍රීඩකයෙක් ගේ ජීවිතය වටිනවා නේද අපේ පාර්ලිමේන්තුවේ ප්‍රභූ කියාගන්න හොරුන්ට වඩා

:       445       783

tikiri Monday, 24 December 2018 06:21 AM

කලකට ඉහත දී නම් ලංකාවේ හැමෝටම ප්‍රභූ ආරක්ෂාව තිබුනා. ඒ කාලේ පාතාලෙන් කරදරයක් තිබුනේ නැහැ .

:       19       39

Jaya Monday, 24 December 2018 06:53 AM

ඇත්තටම 10 දෙනෙක් නොවේ 20 දිනෙක් දැම්මත් කමක් නෑ. මොකද මේ ක්‍රීඩකයාගේ ජීවිතය වටිනවා ප්‍රභූ කියාගන්නා දේශපාලන හොරුන්ට වැඩිය.

:       38       215

Jaya Monday, 24 December 2018 07:00 AM

ප්‍රභූ ආරක්ෂාව දුන්නේ ඇයිද කියලා හොයලා බලන්න කලින් ක්‍රීඩකයාගේ පියාව මරපු ගාතකයන්ව ඇල්ලුවද කියලා හොයලා බලන්න.

:       0       156

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site