(යොහාන් භාසුර සහ නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කර බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (21) පැවැති පළමු මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමතිවරයා එසේ පැවසීය.
“නිලවරණය කල්දානවද කියලා හරියටම කියන්න බෑ. අතුරු කමිටුවක් කොහොමත් එන්න ඉඩ තියෙනවා......ශ්‍රී ලංකාවම පිළිගන්න කෙනෙක් තමයි අතුරු කමිටුවේ පාලනයට ගේන්නේ. ඔහු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේත් (අයි.සී.සී.) පිළිගැනීම තියෙන කෙනෙක්” යයිද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
“මම ලබන 26 හෝ 27 අන්තර්ජාතික ක්‍රිකට් සභාව මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා නිලවරණය පැවැත්වීමට පෙබරවාරි 9 දක්වා කාලය ලබාගෙන තිබුණා. ක්‍රිකට් දූෂණයෙන් තොර තැනක් කරන්න තව ටික කාලයක් ලබාගන්න ඕනේ” යයිද ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.
“මම මුලින්ම ඊට පෙර තිබුණ තත්ත්වය මොකක්ද කියලා බලන්න ඕනේ. ඒ වගේම ඒ ආණ්ඩුව පැවැති කාලයේ මොනවගේ තීරණ ද ගත්තේ කියලා බලන්න ඕනේ” යැයිද හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර



COMMENTS
හැමදාම ඉතිං ඕකනේ වුනේ. හරියට අළුත් දෙයක් කරා වගේ. අනේ මන්දා!
සල්ලි තමා ඇමතිතුමා, අත් හරින්න එපා. තව ටික කාලයයිනේ...
ගූගල් බැලුමක් අැරලා බැලුවොත් ක්‍රිකට් උඩටම යාවී කවුරු අාවත් ක්‍රීඩකයින්ගේ පණ්ඩිතකමයි, අහංකාර කමයි අයින් කරගන්න වෙයි. ක්‍රිකට් හරියන්න නම් කවුරු වුණත් මීට වසර කිහිපයකට උඩදි හිටපු සියළු ක්‍රීඩකයින්ගේ නිහතමානීකමයි රට ගැන හැඟීමයි තිබුණා. දැන් එන්නේ සල්ලි බලාගෙනයි.. සල්ලි දුන්නොත් නිහතමානී බව වල පල්ලට... විනයක් නැති සමාජයක් ලංකාවේ දැන් තියෙන්නේ...
පටන් ගත්තු ගමන් කන්න වගේ හදන්නේ...
ඔතන ඔය ඇමතිතුමාව වට කරගෙන ඉන්න මන්ත්‍රී ගොල්ලො ටික ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිකමට කෙල හලාගෙන ඉන්නේ. එතනත් තරඟයක්නේ...
කොහොමත් ඕකට හරියන්නේ අතුරු කමිටු තමයි. නැත්තම් අර බුකී කාරයා හරි, එයාගේ ඉත්තෝ හරි ඕකට රින්ගලා ඕක විනාශ කරනවා.
ඩිගිටල් ඇමති වෙලා හිටපු කාලේ කරපු එක දෙයක් තියෙනවද කියන්න. ක්‍රීඩාවත් ඉතුරු ටිකත් නැතිබන්ගස්ථාන කොරලම පස්ස බලයි. මේ ගොල්ලන්ට පුළුවන් ගිරිය පුප්පගෙන ලොකු ටෝක්ස් දෙන්න විතරයි.
දැන් බුකී කාරයට වඩා හොඳ ගේම්කාරයෝ ටිකක් දාගනියි.
මලයා... අපිට බැලුම් පෙන්නුවා වගේ හීනෙන් පෙනුණා. එ් නිසා මෙදා සැරේ බැලුම් ක්‍රීඩාවක්වත් කරමු නේද?
ඔව් ඔව් අතුරු කමිටුවක් දාලා හැමදේම සොයලා ඡන්දයක් තියන්න. මොකද එකම කෙනා සභාපතිට උප සභාපතිට ලේකම්ට භාණ්ඩාගාරික යන හැම තනතුරටම තරග කරන්න ඉල්ලනවා. එක දවසෙම මිනිහා ඉල්ලන්නේ නැත්තේ ක්‍රිකට් බෝඩ් එකේ පියන් තනතුරට එකෙන්ම හිතාගන්න පුළුවන්.. කොහොමද ජරාව කන්න තියන ආශාව...?
මනූෂත් ඉන්නවා, වඩිවේල් සුරේෂුත් ඉන්නවා. වසන්ත සේනානායක තමයි මෙතනට අඩු.
ඔබතුමා හොද ආරම්බයක් ගත්තා. ක්‍රීඩා කරන්නේ කට්ටියක්, මෙතන කෝටි ගනම් මුදල් දුෂණ. වහාම මෙතන පරිපාලනය නිසි මගට ගන්න ඔබට ශක්තිය ලැබේවා.! මේ දුෂිත මුදල් යොදවලා අහිංසක ගමේ ක්‍රිකට් ගහන කොල්ලන්ව ඉදිරියට ගන්න.
එකම සංචිතයකින් පමණක් ක්‍රීඩකයින් තෝරාගන්න එපා. ගම්වල කොච්චර දක්ෂ අය ඉන්නවද? ඕනම අයෙකුට සංචිතයට එන්න ඉඩ සලසන්න. පන්දු 100ට ලකුණු 200ක් ගන්න අය සංචිතයෙන් පිට දහස් ගාණක් ඉන්නවා.
ඌවේ ජනතාව ගොඩගන්න වැඩ පටන්ගන්න කාලේ හරි.
එච්චරයි දැන් තකහනියක් රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ.