IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කිම් දකුණු කොරියාවෙන් සමාව ඉල්ලයි

දකුණු කොරියානු නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිමි ජොන් උන් මහතා පෞද්ගලිකව සමාව ඉල්ලා ඇති බව දකුණු කොරියානු බලධාරීහු පවසති.

දකුණු කොරියානු ජනාධීපති මූන් ජේ වෙත යවන ලද ලිපියකින් මෙලෙස සමාව ඉල්ලා ඇති බව සඳහන් වන අතර මෙය දුර්ලභ සිදුවීමක් බවද සෝල් පාලන අධිකාරිය පවසයි.

ධීවර දෙපාර්තමේන්තුවේ සේවය කළ මෙම නිලධාරියා දේශ සීමාව ආසන්නයේ මුර සංචාරක බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ අතර වෙඩි තබා ඝාතනය කර පුළුස්සා තිබූ ඔහුගේ සිරුර මුහුදේ පාවෙමින් තිබියදී සොයාගනු ලැබිණි.

එය නින්දිත ක්‍රියාවක් බවත් ඒ සම්බන්ධව තමා බලවත් ලෙස කනගාටු වන බවත් කිම් මහතා පවසා තිබේ. මූන් මහතා ඇතුළු දකුණේ ජනතාවට ඇතිවූ කලකිරීම ගැන සමාව ඉල්ලා සිටින බවත් ඔහු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සිද්ධිය සම්බන්ධව සිදුකළ පරීක්ෂණයේ ප්‍රතිඵල ද උතුරු කොරියාව විසින් දකුණට එවා ඇත. උතුරු කොරියානු මුහුදු සීමාවට ඇතුළු වූ අනන්‍යතාවය හෙළිකිරීමට අපොහොසත් වී පලා යෑමට උත්සාහ කළ පුද්ගලයකුට වෙඩි ප්‍රහාර 10කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බවට එම වාර්තාවේ සඳහන් වන්නේ යැයි දකුණු කොරියාවේ ජාතික ආරක්ෂක අධ්‍යකෂ සුයි හූන් පවසයි.

කෙසේ වුවද සිරුර පිළිස්සුවේ නැති බවට උතුරු කොරියාව අවධාරනය කර තිබේ. ඔවුන් පවසන්නේ එම පුද්ගලයා රැගෙන ගිය පාවෙන උපකරණය පමණක් පිළිස්සූ බවයි. උතුරු කොරියාව පවසා ඇත්තේ එය රෝග වැළැක්වීමේ පියවරක් ලෙස සිදුකළ බවයි.

නිරායුධ සිවිල් වැසියකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනතාව කෝපයට හා කම්පනයට පත්ව සිටින බවත් ඔවුන්ට එය පහසුවෙන් අමතක කළ නොහැකි වනු ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

කිම් දකුණු කොරියාවෙන් සමාව ඉල්ලයි

Perera Saturday, 26 September 2020 08:53 AM

ඔන්න අපිටත් ආදර්ශයට ගන්න පුළුවන් ක්‍රමවේදයක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site