IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කම්බි පැටවූ ලොරියක් සිරවීමෙන් උඩරට දුම්රිය ගමනාගමනය ඇණහිටියි

(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල දුම්රිය හරස් මාර්ගයෙන් කම්බි පැටවූ ලොරියක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී සිරවීම නිසා අද ප.ව 2.00 සිට උඩරට දුම්රිය ගමනාගමනය මුලුමණින්ම ඇණහිට ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය කියයි.

ලොරි රථය දුම්රිය මාර්ගයෙන් ඉවතට ගැනීමට කටයුතු කරමින් සිටින අතර ලොරි රථය දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් ගැනීම නිසා දුම්රිය මාර්ගයටද හානි සිදුවී ඇති බැවින් එයද කඩිනමින් පිළිසකර කළ යුතුව ඇතැයි පොලීසිය කියයි.
මේ වනවිට කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය හපුතලේ දක්වාද, බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වාද සීමාවී ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.

අනතුර සිදුව ඇති ස්ථානයේ නිතරම අනතුරු සිදුවන ස්ථානයක් බවත් මෙය 52වැනි අනතුර බවත් අසල්වාසීහු පවසති. 



අදහස් (1)

කම්බි පැටවූ ලොරියක් සිරවීමෙන් උඩරට දුම්රිය ගමනාගමනය ඇණහිටියි

සුමනාවතී Sunday, 10 February 2019 12:05 AM

ඉතින් 52 වෙනි වතාවටත් අනතුරක් වෙනතුරු ඇයි බලධාරීන් පියවරක් නොගත්තේ?

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 369 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site