(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ඩෙල්ටා සැර කොරෝනා වයිරස් ප්‍රභේදය ආසාදනයවූ තවත් දෙදෙනකු කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමකින් හමුවී ඇතැයි මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මේ ආසාදිතයන් දෙදෙනා හමුවීමෙන් පසුව එම ඉදිකිරීම් වැඩබිම තාවකාලිකව වසා දමා ඔවුන්ට ආශ්‍රිතවූ සේවකයන් 46 දෙනෙකු නිරෝධායනයට යොමුකළ බව එම කාර්යාලයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෙක් කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් පෙරේදා(28)සොයා ගනු ලැබීය. එම ආසාදිතයාද මෙම ඉදිකිරීම් වැඩබිමේ පෙදරේරුවකු බවට තොරතුරු හෙළිවී ඇත.
ඩෙල්ටා ආසාදිතයෝ තිදෙනාම පූනානි ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුළත් කරනු ලැබ සිටිති .
මෙම ඉදිකිරීම් වැඩ බිමේ සේවකයෝ 46 දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් අහඹු ලෙස තෝරාගෙන පී.සී.ආර් පරීක්ෂණවලට පසුගිය දිනවල යොමු කරනු ලැබූහ.එම පිරිසෙන් හය දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි ඒ පරීක්ෂණ මගින් හඳුනා ගැනිණ.
ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූ තිදෙනා සිටින්නේද එම හය දෙනා අතරේ යැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඩෙල්ටා කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝ කොළොන්නාව, වෑකන්ද සහ පොලිස් මාවත යන ප්‍රදේශවල නවාතැන් මධ්‍යස්ථාන තුනක නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.
මේ අතර ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෝ හත් දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් මෙයට පෙර සොයා ගනු ලැබූහ.ඉන් පස්දෙනකු දෙමටගොඩ ප්‍රදේශයෙන්ද අනෙක් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින්ද මෙසේ සොයාගෙන තිබිණ.
මේ සම්බන්ධයෙන් මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික අධිකාරිවත්ත මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන්ත කුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති .
COMMENTS
රජයේ නොසැලකිල්ල නිසා අවුරුදු පොකුර හැදුණා වගේ දැන් ඩෙල්ටා පොකුරක් හැදෙන්නයි යන්නේ. වැඩබිම වැහුවාට ඒ අවට මොකද වෙන්නේ...? මෙතැනින් කහතුඩුවට ගියානම් තව කොහේ ගිහින් ඇත්ද?. ඩෙල්ටා අති භායනක නම් මීට වඩා ඉක්මන් තීරණ ගන්න වෙනවා.
ඩෙල්ටා ප්‍රභේදය වඩාත් අනතුරුදායකයි. සෞඛ්‍ය නීතිරීති දැඩිව පිළිපදින්න...!
ලංකාවේ දැන් කරන්නේ කොහේහරි වැඩ කරන තැනක් හොයන් ගිහිල්ලා පීසීආර්. කරලා සෙම කාරයෝ කීපදෙනෙක් හොයන් එම වැඩපළ වහනවා. මේ ඔක්කොම කරන්නේ පිටරටවල් ගොඩදාන්න. අන්තිමට පිටරටින් කන්න අඳින්න ගේනවා. අනිත් රටවල් හොඳට වැඩ... අපි ඔක්කොම වහලා කොරෝනා විකුණනවා.