(විනීතා එම් ගමගේ)
සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 ක් දක්වා වැඩි කළ බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි.
ඒ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය ඉකුත් 19 වැනිදා නිකුත් වූ බවත් නව නීතිය එදින සිට ක්‍රියාත්මක බවත් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (28) පැවසීය.
1971 අංක 25 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනතේ 2005 සිට ක්‍රියාත්මක කළ වන්දි සූතය අනුව මෙතෙක් ගෙවිය යුතු උපරිම වන්දි මුදල වූයේ රුපියල් 125,000 ක් වන අතර එම මුදල ලක්ෂ 25 ක් දක්වා වැඩිකිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කළ යෝජනාවක් අනුව මෙම වැඩිකිරීම සිදුකර ඇත.
වැඩ කරන ජනතාව අතරින් අයෙක් සේවයේ යෙදී සිටිය දී මිය ගිය අවස්ථාවක ඔහු වෙනුවෙන් ගෙවනු ලබන වන්දිය ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු අනාගත අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව වෘත්තීය සමිති විසින් අමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇති බවත් ඒ අනුව නව වන්දි ක්‍රමය ක්‍රියාත්මක කළ බවත් කී චන්ද්‍රකීර්ති මහතා ඒ අනුව මෙසේ වන්දි මුදල වැඩි කරනුයේ වසර 15 කට පසුව බවත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
336
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
426
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කම්කරු වන්දිය ලක්ෂ 25 ක් තෙක් වැඩිවෙයි