IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කම්කරු මහලේකම් කාර්යාලයට එන්න එපා

(විනීතා එම් ගමගේ)
 
සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම් පත් බාර දීමට නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයට පැමිණීමෙන් වළකින්නැයි කම්කරු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 
පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය මහජනතාව කොළඹ ප්‍රධාන කාර්යාලයට පැමිණීම වලක්වා ගැනීමේ අරමුණ අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීම්වලට අදාල සියළුම කටයුතු  ලංකාව පුරා විහිදි ඇති දිස්ත්‍රික් හා කලාප කම්කරු  කාර්යාලවලට විමධ්‍යගත කළ බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ලංකාදීපයට පැවැසීය.
 
දිස්ත්‍රික්ක කලාප කම්කරු කාර්යාල වෙත ලබා දෙන සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත්‍ර එම කාර්යාල මගින්ම සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කිරීමේ පහසුකම් මේ වන විට සළස්වා ඇතැයි කී චන්ද්‍රකිර්ති මහතා  අයදුම්පත්‍ර දිස්ත්‍රික් හෝ කලාප කාර්යාල වලට දීම තුළින් ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමේ කිසිදු ප්‍රමාදයක් සිදු නොවන බව ද පෙන්වා දුන්නේය.
 
කෙසේ වෙතත් කොළඹ ප්‍රදේශයේ ආයතනයක සේවය කළ අයෙකුගේ ප්‍රතිලාභ ලබා ගැනීමේ දි, මේ වන විට එම ආයතනය වසා දමා ඇත් නම්  එම පුද්ගලයන් පමණක් සිය අයදුම්පත් භාරදීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ කොළඹ කම්කරු මහලේකම් කාර්යාලයට පැමිණිය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
 
කළුතර, ගම්පහ, මහනුවර, ගාල්ල, යාපනය, රත්නපුර, බදුල්ල, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, අනුරාධපුර, අවිස්සාවේල්ල, අම්පාර,මඩකලපුව, බදුල්ල, හලාවත, හපුතලේ, ගාල්ල, ගම්පොල, හම්බන්තොට, හැටන්, මාතර, මතුගම, මොනරාගල, මහරගම, මීගමුව,නුවරඑලිය, ජා ඇල, පානදුර දකුණ, කහවත්ත, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, පොලොන්නරුව, වව්නියාව, පුත්තලම, මාහෝ, වෙන්නප්පුව යන ප්‍රදේශවල පිහිටි දිස්ත්‍රික්ක හා  කලාප කාර්යාල වෙතින් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමේ කටයුතු සඳහා අයදුම්පත් භාරදිය හැකි බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (1)

කම්කරු මහලේකම් කාර්යාලයට එන්න එපා

Suhana Silva Monday, 01 July 2024 11:38 AM

මගේ තාත්තාගේ ඊටීඑෆ් එක භාර දෙන්න ඕනේ.කම්කරු දෙපාර්තමේන්තුවෙන් භාර ගන්නෙ නැහැ ඔන්ලයින් කරන්නේ කියලා. මන් එයාගේ දුව . අපේ තාත්තාගේ ඊටීඑෆ් එක භාර දෙන්න ඕනේ කොහොමද. මට ඒකට දිනයක් දා ගන්න පුලුවන්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 63 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site