(යොහාන් භාසුර)

‘කොවිඩ්’ වයිරසය පැතිර යෑම පිළිබඳව අවදානය යොමු කර රාජ්‍ය සේවයේ ගර්භණී මව්වරුන්ට ලබාදුන් සහනය ආයෝජන ප්‍රවර්ධන කළාපවල සේවය කරන ගර්භණී මව්වරුන්ට ද ලබාදිය හැකි නම් අගය කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් මගින් දැනුම්දී තිබේ.

අංක 02/2021 (11) හා 2021.05.10 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව රාජ්‍ය සේවයේ ගර්භණී මව්වරුන්ට සේවයට වාර්තා කිරීමෙන් තොරව නිවසේ සිට රාජකාරි කිරීමට අවස්ථාව සළසා දී ඇති බව ද එම ලිපියේ සඳහන් වේ.