(නාලක සංජීව දහනායක)
ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකිරීමට ලංකා කම්කරු එක්සත් පෙරමුණ තීරණය කර තිබේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී අද(05) උදෑසන පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව ලංකා කම්කරු එක්සත් පෙරමුණේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සතාසිවම් මහතා පැවසීය.
අන්තවාදී කල්ලි කණ්ඩායම්වලින් රට මුදාගැනීමට මේ මොහොතේදී නිර්භීත නායකත්වයක් අවශ්‍යව තිබෙන බව කී සතාසිවම් මහතා එබැවින් තම පක්‍ෂය මෙම තීරණය ගත් බවද කීය.
ඒ අනුව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ඉදිරියේ පැවැත්වෙන සියලුම මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟකරන බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd