IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කම්කරු උපදේශක සභාව නව පනතට එරෙහි වෙයි

විනීතා එම් ගමගේ

කම්කරු නීති රීති එකම නීතියක් යටතට ගෙන ඒම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය යටතේ ඉදිරිපත් කර ඇති යෝජනාවලියට ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වැඩකරන ජනතාවගේ වෘත්තිය සමිතිවල දැඩි විරෝධය එල්ල වී ඇත.

ජාතික කම්කරු උපදේශක සභාව ඉකුත් 9 දා පස්වරුවේ රැස්ව ඇති අතර එම රැස්වීම විශේෂ රැස්වීමක් ලෙස කැඳවා ඇත්තේ කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර මහතා විසිනි.

සාමාන්‍යයෙන් කම්කරු අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සභාව රැස්වන නමුත් මෙම රැස්වීමට කම්කරු අමාත්‍යවරයා හෝ අමාත්‍යංශ ලේකම්වරයා පැමිණ නොසිටි බව ඊට සහභාගි වන වෘත්තීය සමිති නායකයෝ පිරිසක් පැවැසූහ.

ඒ අනුව කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් වෘත්තිය සමිති හා හාම්පුතුන් කැඳවා පැවැත්වූ එම රැස්වීමේ දී කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් එම දෙපාර්තමේන්තුව සැකසූ නව නීති කෙටුම්පත ඉදිරිපත් කර ඇති අතර රැස්වීමට සහභාගීවූ කම්කරුවන් නියෝජනය කරන වෘත්තිය සමිති දැඩි විරෝධය පළ කර ඇත.

හොර රහසේ සකසා එළියට දෙන නීති කෙටුම්පතකට කිසිසේත්ම එකඟ විය නොහැකි බවත් හාම්පුතුන්, වෘත්තීය සමිති හා නිලධාරින් එක්ව එක මේසයක සිට මෙවැනි නීති කෙටුම්පතක් සඳහා කරුණු එක් කළ යුතු බව එම සභා රැස්වීමට සහභාගී වී සිටි වැඩ කරන ජනතාවගේ වෘත්තිය සමිති 14 ම එක හඬඩින් පැවසූ බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

හොර රහසේ සකසා ගෙනැවිත් ඉදිරිපත් කරන මෙවැනි කෙටුම්පතකට වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති ලෙස කිසිසේත්ම සහහෝගය දිය නොහැකි බව කී සමරසිංහ මහතා දැනට සකසා ඉදිරිපත් කර ඇති කෙටුම්පත පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදුකර ඒ පිළිබඳ වෘත්තීය සමිතිවල මතය ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කරන බව ද හෙතෙම සඳහන් කළේය.

අන්තර් සමාගම් සේවක සංගමය කැඳවා තිබු මෙම මාධ්‍ය හමුවට නිදහස් වෙළඳ කලාප පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්, ලංකා වෘත්තිය සමිති සම්මේලනය වෙනුවෙන් චමින්ද පෙරේරා සහ එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක යන මහත්වරු සහභාගී වූහ.

         



අදහස් (0)

කම්කරු උපදේශක සභාව නව පනතට එරෙහි වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site