
ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළට පිවිසෙන ගේට්ටුවක් ආසන්නයේ පිපිරීමක් සිදුවුණු බවත් එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත් විදෙස් මාධ්‍ය අද (26) සවස වාර්තා කළේය.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිය පුරවැසියන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම ඔවුන්ට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන් මුදාගනිමින් සිටින මොහොතක මෙම ප්‍රහාරය එල්ල විය.
මෙලෙස ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියානු ඇතුළු බටහිර රටවල් කිහිපයක බුද්ධි අංශ බදාදා දිනයේ දී අනතුරු අඟවා තිබිණි.
ඒ අනුව ගුවන් තොටුපොළට පැමිණීමෙන් හෝ ගුවන් තොටුපොළ ආසන්නයේ සිටීමෙන් වළකින්නැයි එම රටවල් සිය වැසියන්ට සහ ඇෆ්ගන් වැසියන්ට අනතුරු ඇඟවීය.
බොහෝ දුරට අයි.එස්. සංවිධානය මෙවැනි ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි එම බුද්ධි අංශ වාර්තා කළ අතර පසුගිය සතියේ දී එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ හෝ කවුරුන් හෝ මියගොස් ඇත් ද යන්න සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නැත.
“කාබුල් ගුවන් තොටුපොළ පිටත දැවැන්ත පිපිරීමක් සිදු වී ඇති බව අපට තහවුරු කරන්න පුළුවන්. තුවාල ලැබූවන් හෝ ඒ කිසිවකු ගැන තවමත් තහවුරු කරන්න බැහැ. අපට පුළුවන් වූ වහාම අපි තොරතුරු ලබාදෙනවා” යැයි පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවැසීය.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් මේ ප්‍රහාරය ගැන සැකයි....
මටනම් මේ ප්‍රහාරය ගැන සැකයි... සාමාන්‍ය වැසියො ගුවන් තොටුපලට එනවට කරපු එකක් වගේ... අවසානෙට ඒකත් අයි.එස් එකට බැර කරලද මන්ද...