( ජේ.කේ.එල්. චාමින්ද)
දැඩි සංරක්ෂිත සත්වයකු වන කෑබැල්ලෑවකු මරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලීසිය පවසයි.
මැහිමුල්ල පොල්දුව ප්‍රදේශයේ කුරුදු ඉඩමක දි මෙම කෑබැල්ලාව මරමින් සිටියදි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 36, හා 40 වැනි වියේ පසුවන මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් මෙකි ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේ දි මෙකි පුද්ගලයින් දෙදෙනා විසින් කැබැල්ලාව මරමින් සිටි බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd