(රංජන් කස්තුරි)
විදේශ ණය අඩුකර,රුපියලේ අගය ආරක්ෂාකරමින් සහ දළ දේශීය නිශ්පාදිතය ඉහළ නංවමින් රටේ ආර්ථිකය පවත්වා ගැනීමට උපරිමයෙන් කැපවන බව ශ්‍රි ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයේ රාජකාරි බාර ගනිමින් පැවැසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම පිළිබඳවත් එහි කාර්ය භාරයේ අමාරුකම පිළිබඳවත් තමා ඉතා හොඳින් දන්නා බව ද පැවැසූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිෂ්ඨානයෙන් හා නිවැරදි ක්‍රමවේද ඔස්සේ කටයුතු කිරීමෙන් අභියෝග ජයගත හැකි බව ද පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් වූ කම්බරාල් මහතා ශ්‍රී ලංකා මහබැංකු පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ නියෝජ්‍ය අධිපතිවරු හා සහකාර අධිතිපවරු විසින් නව අධිපතිවරයා පිළිගනු ලැබූහ.
පොල්තෙල් පහනදල්වා බුදු පිළිම වහන්සේ වෙත මල්පහන් පූජා කිරීමෙන් අනතුරුව සර්ව ආගමික වතාවත් පැවැත්විණි.
මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනා කරද්දී නව අධිපතිවරයා වැඩබාර ගැනීමේ ලේඛනයේ අත්සන් කළේය.
ඉන් අනතුරුව පැවැති කෙටි උත්සවය අමතමින් කබ්රාල් මහතා මෙසේ ද කීය.
හරියටම මීට අවුරුදු 16කට පෙර මම මෙම පරිශ්‍රයට පැමිණියා. ඒ මහ බැංකුවේ අධිපති ධූරය බාර ගැනීමට. එදා මම එන අවස්ථාවේ රටේ උද්ධමනය ඉහළයි. ණය බරතාවය වැඩියි. පොලි අනුපාතය ඉලක්කම් දෙකකට ගිහින් තිබුණා. රුපියලේ අගය පිරිහි තිබුණා. එවැනි අභියෝග මැද අපි වැඩ ආරම්භ කළා. අපට ජයග්‍රහණය අත්පත්කර ගන්න පුළුවන් වුණා. මම 2015 ධූරයෙන් ඉවත්ව යන අවස්ථාවේ සෑහෙන මට්ටමකට ආර්ථිකය ස්ථායි කර ගැනිමට හැකි වුණා
(ඡායාරූප: ශාන්ත රත්නායක)









COMMENTS
ඉක්මනින්ම රට සෞභාග්‍යමත් වී ඩොලරයෙ අගය රු. 400 ද දිනූම් කනුව දක්වා එනු ඇත. සුභපැතුම්.!
දැන් ඉතින් රට ගොඩ ! සෞභාග්‍යයේ දැක්ම මල් ඵල දරාවි...
ග්‍රීසිය ට නම් හොදයි. ලංකාව කෙසේ වෙතත් ග්‍රීසිය නම් සීග්‍රයෙන් සංවර්ධනය වෙවි.
කබ්රාල් හා හා පුරා වැඩබාරගත්තු තැනක් නෙවෙයි නේ . සෙත් පිරිත් කියන්න ඇත්තේ ඉස්සර වගේම වැඩ කටයුතු හරියට කරගන්ඩ ලැබේවා කියලා වෙන්ඩැ.