(රංජන් කස්තුරි)
මේ වසරේ ජනවාරි මස 01 වැනිදා සිට වාහන සඳහා අලුතින් අයකරන කාබන් බද්ද වාහන වල එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන වර්ගීකරණ තුනක් යටතේ අය කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව එන්ජින් ධාරිතාව 125 යතුරු පැදියක් සඳහා වාර්ශිකව අයකරන බදු මුදල රුපියල් 62.50 ක් වන අතර එන්ජින් ධාරිතාව 1000 ක මෝටර් රථයක් සඳහා අය කරන වාර්ශික බද්ද රුපියල් 500ක් වන බවද මුදල් හා ජන මාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව එන්ජින් ධාරිතාව 2600 ජීප් රථයක් සඳහා අය කර කාබන් බදු මුදල වසරකට රුපියල් 1300 වන අතර වසර පහකට වඩා අඩු මගී ප්‍රවාහන බස් රථයකින් අයකරන කාබන් බදු මුදල රුපියල් 1000ක් බවද එම අමාත්‍යාංශය පවසයි.
වසර 5ත් 10ත් අතර වන මගී ප්‍රවාහන බස්රථයකින් රුපියල් 2000 ක් වසර 10ට වැඩි බස්රථයකින් රුපියල් 3000 ක් වන බවද එම අමාත්‍යාංශය කියයි.
COMMENTS
සැබවින් කාබන් බද්ද අය කළ යුත්තෙ භාවිතා කරන ඉන්ධන ප්‍රමාණය හා වර්ගය අනුව. වාහනේ ඇන්ජින් ධාරිතාව මත නොවේ...
පරණ වාහනවලින් බද්ද වැඩි කර අැත්තේ මොකද?
වැඩියෙන්ම දුම් පිටකරන ලංගම බස්වලට දුම් සහතික අවශ්‍ය නැහැ. කාබන් බද්දත් අවශ්‍ය නැද්ද?
රජය මේ වගේ අසාධාරණ බදු ගහනකම් අපි හැමදාම නිහඬව ඉන්න එක වැරදියි. අපි පත් කරලා යවපු මන්ත්‍රීවරු (පක්ෂ විපක්ෂ) හැමෝම නිහඬයි. වාහන හිමියනි, මෙම බද්ද ඉවත් කරන්න කියා රජයට බල කරමු.
මෙහෙම කිව්වා නම් ඉවරයි නේ 0.50x125=62.50 - යතුරු පැදි 0.50x1000=500.00 - මෝටරථ 0.50x2600=1300.00 - ජීප් රථ
වාහනවල තියෙන අනිකුත් අංගෝපාංග වලටත්, ටයර් අසන, වීල් ගියර් ශටර් කණ්ණාඩි රීම් ස්ටියරින්ග් වීල් බදුගහන්න පුළුවන්නේ. හැබැයි අපෙන් ඡන්දෙ ඉල්ලගෙන මේ පළාතේ එන්න එපා...
අපිට සැප විඳින්න එන්න බදු ගෙවන්න.. මුදල් ඇමති !!! දැන් අර ආදායම් බලපත්‍රයෙන් ගසා කන මුදලින් සහ ග්‍රීන් ටෙස්ට් එකෙන් ගසා කන මුදලින් රටට මොනවද කරලා තියෙන්නේ... මේ තවත් ගසා කෑමක් තමයි. උදාහරණයකට මහරගම බස් නැවතුම්පොලේ වැස්සොත් මිනිස්සු තවමත් තෙමෙනවා... ඒවාට තවම විසඳුම් නැත. කොටුවේ බස් නැවතුම්පොලේ වැසිකිලි අන්තිම සවුත්තුයි. සුද්දෙක් ආවොත් වස ලෑජ්ජාවයි.. හැබයි මෙතෙක් කොල්ල කාගත් මුදලින් ලක්ශ 350වාහන නම් ගත්තා. මැතිඇමැති පඩි වැඩිකරගත්තා. ලක්ශ 80 ගනන් වල නගරසභාවේ නගරාධිපතිනියගේ වැසිකිළි හදනවා දැක්කා... ඔන්න ඔහොමයි රටේ කොල්ලාකාගන්න ධනය පවිච්චි කරන්නේ...
බදු ගහනවා නම් දුම් (ECO TEST) පරීක්ෂණය ඕනේ නැත.
එතකොට දුම් සහතිකය ඕනේ නැතිවෙන්න ඕනෑ. මොකද පරිසරයට වෙන බලපෑමට දෙපාරක් ගෙවන්න ඕනේ නැහැනේ...
මෙයාලට බදුගහන්න බැරි මලබද්ධයට විතරයි.