(අජන්ත කුමාර අගලකඩ)
සියලු කැබිනට් ඇමැතිවරුගේ අගෝස්තු මස වැටුප කෝවිඩ් අරමුදලට ලබා දීමට අද පැවැති කැබිනට් රැස්වීමේ දී තිරණය කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කැබිනට් මණ්ඩල රැස්වීමේදි ප්‍රකාශයට පත් කර ඇත.
කොවිඩ් 19 නිසා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට සිදුවුවහොත් කැපවීම් කිරීමට සියලු ජනතාව සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම අනුව සියලු අමාත්‍යවරුන් අගෝස්තු මාස වැටුප කෝවිඩ් අරමුදලට පිරිනමන බව අගමැතිවරයා පවසා ඇත.
COMMENTS
ඔන්න ඔහොමනෙ වැඩ කරන්ට ඕනේ.
මාසෙක වැටුප නෙමෙයි, කොරෝනා ඉවර වෙනකම් දුන්නත් මොකද? මෙයාලගේ අම්මගේ අප්පගේ සල්ලි නෙමෙයිනේ. පරිප්පුවලින්, සීනිවලින්.., අපිටම ගහන බදුමුදල්නේ... අපි වෙනුවෙන් කොරෝනා ඉවර වෙනකම් වැටුප් නොගෙන හිටපල්ලා... නියම ජනනායකයෝ එහෙමයි.
ඉන්ධන දීමනාව දුරකථන දීමනාව නිල නිවාස දීමනාව වගේ දීමනා ලැබෙනවා මේ ඔක්කොම එකතු වෙත කොට වැටුප වගේ 10 ගුනයක් විතර ලැබෙනවා
ඕවා මොනවාද, කොමිස්, අල්ලස්, ජරාව කෝටි ගණන් හම්බකරද්දී.
දෙනවානම් හෙල්පින්ග් හම්බන්තොට වගේ පවුලේ අනික් අයගේ ගිණුම් වලටත් ලැබුණු ආදාරත් ඇතිනේ?
සීනි සඳහා රු. 49.75 ක විශේෂ සහනයක් ලබා ගත් සමාගමෙන් ද, අවම වශයෙන් ලැබුණු සහනයෙන් කිලෝග්රැමයට රු. 24.75 ක් වත් මෙම අරමුදලට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවනම් වඩාත් කාලෝචිතවේ.
දැන්වත් මොලේ පෑදුන එක හොඳයි.
හැම දාම උදේට පොල්ගෙඩියක් ගහලා දෙවියන්ගෙන් ඉල්ලන්නේ, පෙරළියන්කෝ බරකරත්තේ..., පෙරළියන් කියලා...!
පවුල් පාලනේ අයව නඩත්තු කරන්නම විතරක් අපේ රටේ බදුගෙවන මහජනතාව කොයිතරම් මුදලක් වියදම් කරනවා ඇත්ද? මේ වෙනකොට නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා තියෙන්නේ..
මේ විපත් අවස්ථාවේ කැපවීමෙන් වැඩකරන සෞඛ්‍ය සේවකයන් ඇතුළු වෙනත් අංශවල සේවකයන්ට තව කීයක් හරි වැඩියෙන් ගෙවනවා මිසක ඔවුන්ගේ වැටුපෙන් කොටසක් ඉල්ලන යෝජනාව කවුරුත් නොකරනවා නම් හොඳයි නේද?
ඇමැතිගෙ වැටුප රු 65000 ක් .ඉට වඩා මාසික දීමනා මේ අයට හිමි වෙනවා
අර සරත් එන් සිල්වා කියපු විදියට ගහපු සුනාමි සල්ලි ටික හොඳ කොල්ලා වගේ..., දුප්පත් අයට දෙන්න මගේ පුතේ... දරුවන්ට ඇතිතරම් හම්බ කරලා දීලා තියෙනවානේ පරම්පරා ගාණකට. මුලු පරපුරම රටේ සාරය උරාගෙන බොනවනේ අවුරුදු ගාණක් තිස්සේ. දැන්වත් ඕක නවත්තන්න කිරි පුතේ...
ලෝක පූජිත ෆොර්බ්ස් සඟරාවට අනුව අගමැතිතුමාගේ වත්කම ඩොලර් බිලියන 15ට වැඩි. අවුරුදු 50 දේශපාලනේ කරලා වැටුප සම්පුර්ණයෙන්ම ඉතිරි කරලා
ගිණුම් පවත්වාගෙන යන්නේ නැති නිසා, ලෙඩුන්ට කෙළින්ම උදව් කරන්න වෙන්නෙ