(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
රසායනික පොහොර තහනම් කිරීමට රජය ගත් තීරණය කිසිවිටකත් නැවත හකුලා නොගන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හෙළ බොදු සවිය සංවිධානයේ ප්‍රධාන අනුශාසක ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති .
පොහොර සඟවාගෙන තිබෙන ස්ථාන ආරක්ෂක හමුදා යොදවා හෝ සොයාගෙන ඒවා ජනතාවට බෙදා දීමට කටයුතු කළ යුතු බවද උන්වහන්සේ කීහ .
කාබනික පොහොර සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය අතිශයින්ම දූරදර්ශී යැයි පැවසූ උන්වහන්සේ රටේ අනාගතය ගැන සිතන සියලු දෙනා මේ යෝජනාවට සහාය දැක්විය යුතු බවද සඳහන් කළහ .
රට පොහොර හිඟයක් නැති බවත් සමහර කූට වෙළඳුන් පොහොර සඟවාගෙන සිටින බවත් සෝභිත හිමියෝ පැවසූහ
. කාබනික ගොවිතැනට යොමුවීමට රජය ගත් මෙම තීරණය වෙනස් නොවිය යුතු බව සඳහන් කළ උන්වහන්සේ රජයේ මෙම වැඩපිළිවෙළට සියලු දෙනා සහය දැක්විය යුතු බවද සඳහන් කළහ.
මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා විවේචන තිබෙන බව සත්‍යය වුවත් ඒවා මැඩගෙන මේ අරමුණ වෙනුවෙන් එක එල්ලේ ගමන් කළ යුතු බවද ඕමල්පේ සෝභිත හිමියෝ අවධාරණය කළහ.
COMMENTS
වස විස නැති හෙටක් හදමු ,ජය වේවා
දැන් ඔන්න ඔබවහන්සේත් ජවිපෙ වාදීන්, සජිත්, රනිල් වැනි විපක්ෂවාදීන්ගේ උදහසට ලක්වෙනවා සිකුරුයි...
දානෙට විස කැවෙයි කියලද? හැබැයි දායකයන්ට වසකාල සියදිවිනසාගන්නම වෙනවා.
2020 වසර වනවිට සම්පූර්ණ කාබනික කෘෂිකර්මයට හැරීමට භූතානය 2014 දී ආරම්භ කළ සැලසුම රටේ පරිභෝජනයට අවශ්‍ය සහල් විශාල වශයෙන් පිටරටින් ආනයනය කිරීමට සිදුවීම නිසා 2018 දී වෙනස් කළ බවත්, ශ්‍රී ලංකාව අඩු තරමින් එම පාඩමවත් ඉගෙනගෙන වහාම කාබනික වීමේ තීන්දුව වෙනස් කළ යුතුයි.
සමහරවිට බුදුදහම ගැනත් දන්නවා ඇති.