(විශ්ව ගැමුණු ප‍්‍රියංකර)
මෙරට වගාවට සරිලන දියර කාබනික පොහෙර නිෂ්පාදනය කරන උපාධි ධාරිනියක කළුතර වලල්ලාවට කටුදොර ගුලනහේන ගම්මානයෙන් අප හමුවිය. ඇය නමින් හර්ෂණී වික‍්‍රමසිංහයි.
හොරණ ශ‍්‍රීපාලි විද්‍යාලයේ ආදි සිසුවියක වන ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය කලා උපාධිධාරිණියකි.
කොවිඞ් වසංගත සමයේ ඇය සිදු කළ අත් හදා බැලීම් අසුරෙන් මෙම නිශ්පාදන සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති අතර මේ වන විට තේ, වී වගාවට ඇතුළු මල්,පලතුරු, එළවළු, වගාවන් සඳහාද මෙම දියර පොහොර නිෂ්පාදනය කරයි.
දිවයින පුරා ඇති කාබනික කෘෂි උපදේශන මධ්‍යස්ථානයෙන් ලබා ගත් උපදෙස් අනුව දියර පොහොර නිෂ්පාදනය කර ඇත. මේ වන විට ජාතික පොහොර ලේකම් කාර්යාලය සහ පරිසර අධිකාරිය මගින් ඇයට සුවිශේෂී තත්ව අනුමැතියක් ලබා දී තිබේ.
සිිත් ගන්නා සුළු ඇසුරුම් මගින් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇති මෙම දියර පොහොර කිසිදු දුර්ගන්ධයකින් තොර වීම සහ වස විෂ රහිත වීම තවත් සුවිශේෂීත්වයකි.


COMMENTS
උපාධි අරගෙන එක එක දේශපාලන මත ඔළුවෙ දරාගෙන රස්සාවක් දියව් ! කිය කියා නිකම් කාලෙ නිස්ති කරන උගත් හිස් මිනිසුන් ට හොඳ ආදර්ශයක්
මේ වගේ අයව දිරිමත් කරන්න නම්, නිෂ්පාදන හැකියාව තක්සේරු කරලා, නිෂ්චිත ප්‍රෙද්ශයක් තෝරගෙන මේ පොහොර ව්‍යාප්ත කරන්න ඕනේ... නැතිනම් වෙන්නේ ඉල්ලුම වැඩි වෙලා නිෂ්පාදනය බාලවෙලා... ඔය වැඩේ ඔතනම ලොප්වෙන එක...
ඔබේ සොයාගැනීම ට අපේ උණුසුම සුභ පැතුම්
මටත් ඔයාගේ දියර පොහොර ඕනේ... මම ගොවිජන සේවා, උඩයාල වැඩ කරන්නේ... මට 2022 යලට දෙන්න පුළුවන්ද?