IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝප් කමිටුව ශ්‍රී ලන්කන් ඉල්ලීම ඉවත දමයි

( +++ සුජිත් හේවාජුලිගේ)

කෝප් කමිටුව හමුවට කැඳවීම පසුවට කල් දමන්නැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් එම කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටුව හමුවේ ලබන 19 වැනිදා බදාදා පෙනී සිටින්නැයි එම කමිටුව ශ්‍රීලංකන් සමාගමේ ප්‍රධානීන්ට පසුගියදා දැනුම් දුන්නේය.

එසේ දැනුම් දුන් පසුව ශ්‍රීලංකන් සමාගමේ ප්‍රධානීන් සුනිල් හඳුන්නෙත්ති මහතා අමතා සිද්ධිය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු නිසා කමිටුව හමුවට ඒමට වෙනත් දිනයක් ඉල්ලා ඇත.

එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර ඇති හඳුන්නෙත්ති මහතා 19 වැනිදා හැර වෙනත් දිනයක් ලබාදීමට හැකියාවක් නැතැයි දන්වා ඇත.

ශ්‍රීලංකන් සමාගමේ වත්මන් පාලකයන් සමාගම බාරගැනීමට පෙර සිදු වූ සිද්ධියක් විගණන වාර්තා පදනම් කරගෙන සාකච්ඡා කිරීමට අමතර කාලයක් ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ද පැමිණීමට නොහැකි නම් ඇත්ත හේතුව කියන්නැයි ද කෝප් සභාපතිවරයා ගුවන් සමාගම් ප්‍රධානීන්ට මෙහිදී දැනුම් දී ඇතැයි දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් ඊයෙ කළ විමසුමකදී ඔහු පැවැසුවේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවන දිනය කිසිවිටෙකත් වෙනස් නොකරන බවය.

මේ අතර ගුවන් සමාගමේ ආන්දෝලනාත්මක ගුවන් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් තවත් වාර්තා ඇත්නම් ඒවා නොපමාව ලබාදෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා රජයේ විගණකාධිපතිවරයාට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපතිවරයා හා රජයේ විගණකාධිපතිවරයා අතර සාකච්ඡාවක් ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතය.

ආන්දෝලනාත්මක ගුවන් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබන 20 වැනිදා මැතිබසයේදී පැවැත්වේ.

මේ අතර විවිධ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධානීන් ලබන 18 වැනිදාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් ලබන 19 වැනිදාත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.



අදහස් (6)

කෝප් කමිටුව ශ්‍රී ලන්කන් ඉල්ලීම ඉවත දමයි

මංජුල Friday, 14 February 2020 06:41 AM

මෙයාලා කැදවනවා ප්‍රශ්න කරනවා වාර්තා හදනවා පාර්ලිමේන්තු දානවා විවාද කරනව එත් මේ වනතුරැ කරපු දඬුවමකුත් නෑ හිරෙ ගිය කෙනෙකුත් නැහැ.

:       0       0

Nimal Friday, 14 February 2020 07:17 AM

කොන්ද පන ඇති කෝප් කමිටුවේ ගරු සබාපති තුමන්ට අපගේ ආචාරය.

:       0       0

Mahee Friday, 14 February 2020 08:49 AM

සුනිල්...., මම ජ.වි.පෙ. ට කැමති නෑ. හැබැයි, ජ.වි.පෙ. නොහිටින්නට මොවුන් පිස්සු කෙලින එකේ සීමාවක් නැහැ කියලත් මං දන්නවා. ඒ හින්දා මං ඔබට ඉතාම ඉහළින් ගරු කරනවා. රට සුරැකීමට ඔබ කරන මෙහෙය විශිෂ්ඨයි.

:       0       116

sam Friday, 14 February 2020 09:20 AM

මේකෙන් වෙන්නේ මේ නිලධාරීන් කෝප් කමිටුවට ඇවිත් කිසිම දෙයක් නොදන්නා බව ප්‍රකාශ කිරීමයි. මේ සිද්ධිය ගැන අධ්‍යයනය කිරීමට කාලය ඉල්ලූ නමුත්, කාලය නොලැබුණු බැවින් කිසිම දෙයක් නොදන්නා බව ප්‍රකාශ කළාම ගත හැකි ක්‍රියාමාර්ගයක් තියනවද? නීතිය සහ කොමන් සෙන්ස් දෙක අතර වෙනස හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාට මීළඟ මැතිවරණයෙන් පස්සේ නිවාඩුපාඩුවේ ගෙදර ඉඳලා ඉගෙන ගන්න අවස්ථාව ලැබේවි...

:       329       358

දිමුත් Friday, 14 February 2020 10:46 AM

ඔය කතා, වාර්තාවලින් වැඩක් වුණාද?

:       1       2

Asanga Friday, 14 February 2020 11:41 AM

සුනිල් ඔබගේ තීරණය විශ්ෂ්ඨයි. කිසිම බුරුලක් නොදෙනු... මේ වගේ හොරුන්ට...

:       8       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site