(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳව පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එහි සමාජිකයෙකු ලෙස තිලංග සුමතිපාල මහතා පත් කිරීම සදාචාර විරෝධි ක්‍රියාවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා මියයාම හේතුවෙන් පොදු ව්‍යාපාර කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා ස්ථාවර නියෝග 23(8) ප්‍රකාරව තිලංග සුමතිපාල මහතා පත්කර ඇති බව දැනුම් දෙමි.
බිමල් රත්නායක මහතා
තිලංග සුමතිපාල මහතාට විරුද්ධව දැනට කෝප් කාරක සභාවේ පරීක්ෂණයක් සිදු වෙනවා.එතැනදී කතානායක වශයෙන් ඔබතුමාට බලයක් තියෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයක් තිබෙන කරුණු සම්බන්ධව පරීක්ෂණයක් සිදුවෙන නිසා ඒ මන්ත්‍රීතුමා ඊට පත් නොකර සිටින්න.එසේ පත් කිරීම සදාචාර විරෝධී මේක පාර්ලිමේන්තුවට කළ නිග්‍රහයක් එම නිසා ඒ පරීක්ෂණ අවසන් වනතුරු එතුමා ඒ කාරක සභාවට පත් කිරීම නතර කරන්න.
නියෝජ්‍ය කතානායක
මා ඒ ගැන කතානායකතුමා දැනුවත් කරන්නම්.
තිලංග සුමතිපාල මහතා
මට මේ කමිටුවේ සමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් තිබෙනවා.මට විරුද්ධව කරුණුත් තිබෙන විට ඉන් ඉවත් වී සිටිය හැකියි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා ඒ ගැන දන්නේ නැතුව ඇති.ඒ ගැන කණගාටුවෙනවා.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දී කිරට බළල්ලුත් සාක්කියි කිව්වලු. අනේ අපේ රට...
තිලංගයගේ පත්කිරීම විතරක් සදාචාර විරෝධි ක්‍රියාවක් වෙන්නේ කෙසේ? ඇයි ඔතනට පත් කරලා තියෙන අනිකුත් ඇමතියෝ, නියෝජ්‍ය ඇමතියෝ, මන්ත්‍රීන්ගේ පත් කිරීම සර්ව සාධාරණද? ඇයි මෙම ගැටලුව පිලිබදව මිට පෙර ප්‍රශ්න නොකළේ ?? මේ හදිස්සියේ කෑමොර දෙන්නේ කිනම් හෝ දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවේද ?
මෙම පත්කිරීම ගැන පුදුමවිය යුතු නැහැ. මෙරටේ කොයිදේද සදාචාරාත්මකව පවත්වාගෙන යන්න ලැබුනේ? ලංකාවේ දුෂිතයින් වැඩිම ස්ථානය උත්තරීතර යැයි කියන ස්ථානයම තමයි. ඔය කොමිටුවට පත්කිරීම් කිරීමේ ක්‍රමවේදය මහජනයාගේ හිත සුව පිණිස පලකරන්නකෝ.
එක දොරක් වැසෙන කොට තව දොරක් විවෘත වෙනවා කියන්නේ ඕකට වෙන්න ඇති.
අපේ රටේ ඉන්න දේශපාලන හැතිකරේ කවද්ද සදාචාරාත්මක වැඩක් කලේ කියන්නකෝ..? ඔවුන්ගේ අහලකවත් නැති සදාචාරයක් කොහෙන්ද බලාපොරොත්තු වෙන්න යන්නේ? එ් අය සදාචාරයක් දැනගෙන හිටියා නම් මේ රටට මෙහෙම කෙළවෙලා තියෙයිද?
ක්‍රිකට් ඒකත් කාලා දැන් කෝප් කමිටුවත් ඇඟිලි ගහන්න හදන්නේ ?
බලයට සහ ධනයට ඉතාම කෑදර පුද්ගලයෙක් , පක්ෂ පාට කුමක් වුනත් මෙතුමාට සහ එජාපයේ රවී කරුණානායකට මනාප ගැසීමෙන් වළකින්න .
එතකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධව සෙවීමට පත්කළ පාර්ලිමේන්තු කමිටුවට නලින්ද පත් කිරීම හරිද? ජවිපෙ මන්ත්‍රී ලැයිස්තුවේ ඊබ්‍රාහිම් සහ ඔහුගේ පුත්‍රයන් ත්‍රස්තයන්ව සිටියදී ඒ ගැන සෙවීමට පත්කළ කමිටුවේ ජවිපෙ මන්ත්‍රී සිටීම අක්‍රමිකතාවයක් බව කිව යුතුය.
මෙම පුද්ගලයා එවැනි කිසිම තනතුරකට සුදුස්සෙක් නොවෙයි.