IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


කැපුම් තුවාලකරු රෝහලට ගෙනයද්දී ආයෙත් ඇවිත් පිහියෙන් අනී

     (ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)


නාවලපිටිය, කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් මල්ගොල්ල ගම්මානයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර  ඇතැයි කුරුඳුවත්ත පොලීසිය පවසයි.


මෙසේ ඝාතනය වී ඇත්තේ කුරුඳුවත්ත, මල්ගොල්ල ගම්මානයේ පදිංචිව සිටි වයස අවුරුදු 62 ක පමණ වු පුද්ගලයෙකි. ඊයේ රාත්‍රී මෙය සිදු වී තිබේ.
පෞද්ගලික  ආරාවුලක් මත මෙම ඝාතනය සිදු කර  ඇති බවට  මුලික පරීක්ෂණ මත හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි. 


සිද්ධියට සම්බන්ධ සැකකරු මිය ගිය පුද්ගලයාගේ නිවසට පැමිණ පළමුව තියුණු ආයුධයකින් කපා කොටා ඇති අතර එම ආරාවුල බේරීමට පැමිණි මිය ගිය පුද්ගලයාගේ බිරිඳද මෙම පුද්ගලයා විසින් කපා කොටා තුවාල සිදු කර තිබේ.


තුවාල ලැබු පුද්ගලයා ත්‍රී රෝද රථයකින් රෝහල වෙත රැගෙන යද්දී සැකකරු යතුරු පැදියකින් පැමිණ ත්‍රී රෝද රථය හරස් කොට නවතා තුවාල ලබා රෝහල් රැගෙන යමින් සිටි පුද්ගලයා නැවැත ත්‍රී රෝද රථය තුලදීම පිහි පහර කිහිපයක් එල්ල කර  අනතුරුව ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය  මාර්ගයෙන් ඉවතට තල්ලු කර දමා තිබේ.


සිද්ධියෙන් තුවාල ලැබු මිය ගිය පුද්ගලයාගේ බිරිඳ දැනට ප්‍රතිකාර සඳහා දොලොස්බාගේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු  මේවනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.


සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයි කුරුඳුවත්ත පොලීසිය පවසයි.



අදහස් (4)

කැපුම් තුවාලකරු රෝහලට ගෙනයද්දී ආයෙත් ඇවිත් පිහියෙන් අනී

Sanath Wednesday, 24 October 2018 05:16 AM

ඒ තරම් ලොකු චණ්ඩියෙක් පලා ගිහින් හැංගිලා ඉන්නේ කාට බයේද?

:       0       0

benat Wednesday, 24 October 2018 08:13 AM

සියලු සාක්කි ඇත්නම් නඩු අසන්න එපා. හිරේ දමන්නත් එපා. නිදැල්ලේ ඉන්න දෙන්නත් එපා.

:       0       0

lakmal Wednesday, 24 October 2018 08:37 AM

මිනීමරුවන්ට අයිති වුණු ලංකාවක්...

:       0       0

ලුම්බිණි Wednesday, 24 October 2018 09:29 AM

මෙවැනි මිනිසුන් දඬුවම් දෙන අතරේම මානසික ප්‍රතිකාරත් කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site