



(ශාන්ත චන්ද්‍රසිරි)
මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පවතින අධික වර්ෂාව තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියලුම දිය ඇලි ජලයෙන් පිරී ඉතාමත් සුන්දර දසුන් මවමින් මේ දිනවල කඩා හැලෙමින් පවතී.
දිය ඇලිවල මෙසේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වෙනත් දිනවලට වඩා දිය ඇලි විවිධාකාර හැඩතල මවමින් කඩා හැලෙමින් පවතින අතර, ඉන් පරිසර පද්ධතියට අපුරු සුන්දරත්වයක් එක්ව තිබේ.
මධ්‍යම කඳුකරයේ දිය ඇලි ජලයෙන් පිරී පවතින වෙනත් දිනවල එහි සුන්දරත්වය නැරඹීම සඳහා දෙස් විදේස් සංචාරකයන් එම දිය ඇලි නැරඹුම් මධ්‍යස්ථාන අවට විශාල ප්‍රමාණයක් ගැවසෙන මුත් කොව්ඩ් 19 හේතුවෙන් මේ වනවිට එම දිය ඇලි අවට කිසිඳු දෙස් විදෙස් සංචාරකයෙකු දැකිය නොහැකි බව දිය ඇලි අවට පදිංචිකරුවෝ පවසති.
COMMENTS
අප්‍රමාණ සුදරත්වයෙන් යුතුව ඇද හැලෙනා මේ දියඇලි කවීන්ගේ කව් සිතුවිලි අවදි කරවයි. සාහිත්‍යකරුවන් හා අනෙකුත් සියලු සංවේදී අයගේ සිත් සතන් මහත්වූ අමන්දානන්දයට පාත්‍ර කරවයි. එවන් සොඳුරු මන්මත් කරවන සොබාදහම තවත් විටෙක අසරණ ජීවිත වනසන රුදුරු රකුසෙකු වනුයේ පුදුමාකාර අයුරිනි. අපව විටෙක සනසන සොබාදම් කුමරිය තවත් විටෙක අපව වනසන රකුසියක් බව පෙනේ.
ටික දවසකට පමණයි, මේ මාසේ අග වෙනකොට පායාලා ඔක්කොම හිඳිලා තියේවි
ලස්සනයි.! ඒත් අධික වර්ෂාපතනය නිසා සක්‍රීය වී ඇති මේ මනරම් දියඇලි වල සුන්දරත්වයේ පහස, වෙනදා මෙන් කෙසේ විඳින්නද? අධික වර්ෂාපතනයෙන්, විපතට පත් කුඩා දරුවන් සහ වැඩිහිටියන් තම ජීවිතයෙන් පවා වන්දි ගෙවමින් සිටිනා මෙවන් දුක්ඛිත මොහොතක, වෙනදා මෙන් මෙවන් දසුන් වලින්, ප්‍රීති ප්‍රමෝදයට පත්වෙන්නට තරම් මම ආත්මාර්ථකාමී නොවෙමි...