IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


කාන්තා වෙස්ගෙන ගණිකා වෘත්තියේ යෙදුණු පිලිපීන ජාතිකයන් 7ක් අත්අඩංගුවට

(ජයන්ත සමරකෝන්)
 
කාන්තාවන් ලෙස පෙනී සිටිමින් ගණිකා වෘත්තියේ යෙදී ඇතැයි කියන පිලිපීන ජාතිකයන් 7දෙනෙකු සහ යුක්රේන ජාතික කාන්තාවක කොල්ලුපිටියේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී අද(25) අත්අඩංගුවට ගෙන ඇත.
 
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ හා බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙවැනි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රථම වතාවට බවද එම දෙපාර්තමේන්තුව කියයි.
 
ඉකුත් 1වැනිදා සිට රටවල් රැසක විදේශිකයන්ට සංචාරක වීසා නොමිලයේ ලබාදීමේ අවස්ථාව උපයෝගී කරගෙන මොවුන් මෙරටට පැමිණ ඇතැයිද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බී.ජී. ගයාන් මිලින්ද මහතා පැවසීය.
 
ඔවුන් අන්තර්ජාලය මරමා තම ඡායාරූප ප්‍රදර්ශනය කරමින් මිල ගණන් පවා සඳහන් කර ගැනුම්කරුවන් ලබාගෙන ඇතැයිද, එක් පැයකට රුපියල් 25,000ක් අයකර ඇතැයිද ඒ මහතා කීය.
 
ගමන් බලපත්‍රවල සඳහන් මෙම පිරිමි පුද්ගලයින් ශල්‍යකර්ම මගින් ශරීරය වෙනස් කර කාන්තාවන් ලෙස ගණිකා වෘත්තියේ යෙදෙමින් විශාල වශයෙන් මුදල් උපයා ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
 
සැකකරුවන් සහ සැකකාරිය මේ වනවිට මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා ප්‍රශ්න කරමින් පවතී.



අදහස් (9)

කාන්තා වෙස්ගෙන ගණිකා වෘත්තියේ යෙදුණු පිලිපීන ජාතිකයන් 7ක් අත්අඩංගුවට

jagath Sunday, 25 August 2019 12:37 PM

ඡන්ද බලාගෙන, සල්ලි බලාගෙන මොනවද පාවා නොදෙන්නේ? තමන්ගේ අඹුදරුවොත් පවාදෙයිනේ...

:       93       217

Din Sunday, 25 August 2019 01:20 PM

මෙහෙමත් ආණ්ඩු.. කොහොම හදාගන්න පුළුවන් රටක්ද මොවුන් කන්නේ..?

:       44       238

kamani Sunday, 25 August 2019 03:33 PM

ආණ්ඩුවේත් ඉන්නවා ඔයවගේ නංගිලා කිහිප දෙනෙක්ම. එතකොට ඒ අයව අල්ලන්නේ නැතිද...? මට නම් හිරිකිතේ බැහැ.

:       281       840

JayaSunday, 25 August 2019 10:57 PM

දවසේ කියමන !

:       0       62

sachiMonday, 26 August 2019 07:29 AM

මටත් එහෙමයි... ඊයා

:       0       5

රොමේෂ් Monday, 26 August 2019 10:04 AM

ඔය දියවන්නාව පැත්තේ රාත්‍රියට ටිකක් අවිද්දා නම් හොයාගන්න පුළුවනි. මේ ලඟදි ඒ වගේ කට්ටියගේ අාරක්ෂකයෝයි කියාගත්ත කට්ටියක් දියවන්නාව ලඟදි මගේ වාහනය නවත්වලා.. මම පැනලා දුවලයි බේරුනේ.

:       0       8

chadima Monday, 26 August 2019 04:26 AM

ගන්න සල්ලි සේරම ඒගොල්ලෝ සිය රටට අරන්යනවද? නැතිනම් ලංකාවේ කෙනෙකුටත් කොමිස් මුදලක් ලැබෙනවද ?

:       0       50

sharm warn Monday, 26 August 2019 04:29 AM

ස්වභාවිකව හෝමෝන අසමතුලිතතාවයක් නිසා ලිංගිකත්වය අපැහැදිලිතාවක් ඇති අයට එරෙහිව නොවේ . ඇබ්බැහිකම් නිසා සහ වෙනත් ආතල් වෙනුවෙන් කෘතීමව තම ලිංගිකත්වය වෙනස් කරගෙන මුදල් ඉපයීමේ අදහසින් ක්‍රියාකාරකම් වල යෙදෙන අයට අනුකම්පා කල යුතුද ? මේ ලිංගික වෙළඳාම තායිලන්තයේ මහා ඉහලින් සිදු වෙන්නක් . ඉතින් අපත් මේ හිරිකිත ආකාරයේ ලිංගික වෙළඳාමට හවුල් විය යුතු ද ??

:       1       40

mohanMonday, 26 August 2019 05:36 AM

ඔයා හවුල් නොවුනට කමක් නැහැ,, අනිත අයට කරගන්න දෙන්න, ඉරිසියා කරන්න එපා.

:       86       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1223 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site