(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ හදිසි ඇමතුම් අංශයට අනුයුක්ත කාන්තා උප පොලිස් පරීක්ෂකවරියගේ රුපියල් එක්ලක්ෂ අසූ දහසක් පමණ වටිනා ගෙල බැඳි රන්මාලය පිටකොටුවේ දී කොල්ලකා ඇතැයි පිටකොටුව පොලීසිය කියයි.
රැකියාව නිමවා කොළඹ 15 අලුත් මාවත පොලිස් නිවාස වෙත යමින් සිටියදී ඇය පිටුපසින් පැමිණි පුද්ගලයකු පවුම් දෙකක් පමණ බරති මෙම රන්මාලය කොල්ල කා පලා ගිය බව ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිස් නිලධාරීයෙක් පැවසීය
කොල්ල කෑ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධකරුවා ඉක්මණින් අසුකර ගන්නට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙතරම් වටිනා ආභරණයක් වැඩට පැළඳගෙන යන එකේ තේරුම කුමක්ද කියලත් අහන්න හිතෙනවා.
මොන මෝඩ වැඩක්ද? කවුද රත්තරන් මාල දාගෙන මහ පාරේ යන්නේ..?
නෝනේ, පැමිණිලි කරනවිට සැක කවුද කියලත් නොකිව්වොත් වැඩක් වෙන්නේ නැහැ...
ලංකාව රන්බඩු ගෙදර තියාගන්නවත් සුදුසු රටක් නොවේ... අපේ ගෙදරට ගමේ හොරු දෙසැරයක්ම පැන්නා...