IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කාන්තාවන්ට පාට් දාලා රෝහලෙන් නතර වෙලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කඩුවක් රැගෙන  මොරගහහේන ධම්මානන්ද ප්‍රදේශයේ සැරිසරමින් කාන්තාවන් බිය කිරීමට  උත්සාහ දැරූ පුද්ගලයකුට කාන්තාවන් පිරිසක්  විසින් අතින් පයින් සහ පොලු වලින් පහර දී රෝහල්ගතකර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.  

වයස අවුරුදු 35ක් පමණ වන එම පුද්ගලයා  අවස්ථා කිහිපයකදී  ධම්මානන්ද  ප්‍රදේශයේ නිවාස කීපයකට කඩුවක් රැගෙන ගොස්  " මාව හඳුනනවා දැයි ," කාන්තාවන් ගෙන් විමසා ඇති අතර හඳුනා ගැනීමට අවශ්‍යතාවයක් නැතැයි පැවසීමෙන් අනතුරුව සැකකරු කඩුවෙන් පහර දීමට උත්සාහ කිරීමේදී කාන්තාවන් පිරිසක් එක් වී වට කිරීමෙන් අනතුරුව  මෙම පහරදීම සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි .

තුවාල ලබා මාර්ගයේ වැටී සිටි පුද්ගලයා ඔහුගේ මිතුරන් විසින් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත  

කාන්තාවන්ගෙන් පහරකෑ  පුද්ගලයා  මීට පෙර අවස්ථා කිහිපයකදීම මත්ද්‍රව්‍ය සමඟ  පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බවත්  පොලිස් නිළධාරියෙකු පැවසීය 

තුවාල ලබා සිටින පුද්ගලයා මොරගහහෙන ගොඩැල්ල හේන  ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් පොලිසිය කියයි .මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් සංජිව මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ 

 



අදහස් (4)

කාන්තාවන්ට පාට් දාලා රෝහලෙන් නතර වෙලා

Prabha Thursday, 23 December 2021 08:51 PM

ජයවේවා... !!!

:       0       20

Perera Friday, 24 December 2021 12:48 AM

ඡන්දෙ ඉල්ලන් එන එවුන්ටත් ඔය සංග්‍රහය කළ යුතුමයි...

:       0       0

කිරි පුතා Friday, 24 December 2021 02:06 PM

ආදර්ශමත් වැඩක්. කඩුවක් අතැතිව පැමිණි පුද්ගලයාට කාන්තාවන් විසින් අතින් පයින් පමණක් පහර දීමත් ඔහුගේ ජීවිතයට හානියක් ⁣නොකිරීමත් ඉතාම ආදර්ශමත්. ඉතිරි හරිය රටේ පවතිින නීතිය විසින් අල කර නොදමාවි යැයි විශ්වාස කරමු...

:       0       0

Bunny Preena Monday, 27 December 2021 09:09 AM

ආයෙත් ජීවිතේට කාන්තාවන්ට විතරක් නෙමෙයි ,බැඳපු එකෙක්නම් ගෑනිටත් පල් පාට් දාන්න යන එකක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site