IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කරන්න යයි

(අජන්ත කුමාර අගලකඩ)

රජයේ ආයතනවලට තාවකාලිකව අනියම් ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන ඇති කාර්යාල සහායක සේවකයන් හා රියදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා තොරතුරු ඉල්ලා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්,දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍රලේඛනයක්ද අද (18) නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේඛනය නිකුත් කර තිබේ.

ස්ථිර කරනු ලබන කාර්යාල සහයක සේවකයන් හා ඒකාබද්ධ රියදුරන්  දින 180 ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ  කර තිබිය යුතු අතර ඒ සඳහා වන නියමිත අධ්‍යාපන සුදුසුකම්ද සපුරා තිබිය යුතු වේ.

අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති සේවකයින්ට ආයතන ප්‍රධානීන් විසින් තාවකාලික පත්වීම් ලිපි නිකුත් කරනු ලබන අතර තාවකාලික පත්වීම් ලිපි නිකුත් කර මාස තුනක් ඇතුළත විධිමත් පත්වීම් ලිපි නිකුත් කිරීම සඳහා ලිපි ගොනු ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත එවන ලෙසද එම චක්‍රලේඛනයෙන් උපදෙස් දී ඇත.



අදහස් (9)

කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කරන්න යයි

Pradeep Tuesday, 18 February 2020 04:49 PM

වැඩේ නරකම නෑ.. මහ මැතිවරණෙත් ළඟ ළඟ එන නිසා කොහොමත් තව කැරට් අල ටිකක් හබ්බවෙයි..

:       49       359

RaveendraWednesday, 19 February 2020 01:53 AM

දැන් මේවා අල්ලස් නොවේද ? බලන විට පාට, පක්ෂවල වෙනස විතරයි තියෙන්නේ ක්‍රියාවෙන් 225 ම එකම කට්ටිය.

:       1       261

lanka Tuesday, 18 February 2020 07:55 PM

එහෙනම් හෙට අනිද්දම තව බදු ටිකක් එහෙම වැඩි කරන්නත් වෙයි. ප්‍රශ්නය මේක නෙමෙයි. ප්‍රශ්නය තමයි මේ තනතුරු වලට පත්වෙන්නේ දේශපාලන හෙන්චයියන් නම් ඔවුන්ගෙන් ජනතාවට වැඩක් ගන්න පුළුවන් වෙයිද කියලයි.

:       11       168

Perera Tuesday, 18 February 2020 11:29 PM

මේගොල්ලෝ 3/2 ලබාගන්න නොකරන දෙයක් නැති ගානයි. තැටිය රත් වෙලා තියෙන වෙලාවේ කොයි කවුරුත් තම තමන්ගේ රොටි පුච්ච් ගන්න එකයි ඇත්තේ.

:       178       147

kamal Wednesday, 19 February 2020 02:05 AM

අවුලක් නෑ අපි ගෙවනවානේ...

:       0       103

lalithm Wednesday, 19 February 2020 03:37 AM

මෙහෙම කරමු. යෝජනාවක් ගෙනෙමු දියවන්නාවේ 225 ට ගෙවන දේවල් සහ අනිත් ප්‍රතිපාදන කපාහැර මේ අයගේ පඩිනඩි ගෙවන්න. අර අලුතින් ගන්න ගිය 50,000 ටත් ගෙවන්න තරම් සල්ලි ඇතිවේවි. නැතිනම් අපරාදේ අගමැතිඳුන් ඉන්දියාවේ ගිහින් අමාරුවෙන් ඉල්ලා ගෙනාපු සල්ලිවලින් මේ අයට පඩි ගෙවනවා කියන්නේ මොන අපරාධයක්ද? මේ කොන්ත්‍රාත් සේවකයින් කව්රුවත් නැතිවත් මේ දිනවල ඒ ආයතනවල කටයුතු නිසි ලෙස සිදුවෙනවනේ.

:       0       164

Rasi Wednesday, 19 February 2020 03:54 AM

මේ සමාජෙම කොටසක් මේක කරන්න එපා කියලා මෙතන අදහස් දානවා. ඒ සමාජෙම තව කොටසක් මේක කරන්න කියලා උද්ගෝෂණය කරනවා. එතැනින්ම පේනවා සමාජය කාරණයකදී කොතරම් බෙදිලද කියලා. දේශපාලනය කරන අය මේකෙන් වාසි ගන්න එක ඉතින් අහන්න දෙයක් නැහැ. ඒ ගොල්ලෝ පුරවලා යනවා. මේ ගොල්ලෝ ස්ථීර කරනවා. නැවත මේ ගොල්ලෝ පුරවලා යනවා, ඒ ගොල්ලෝ ඇවිත් ස්ථීර කරනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. පාලකයෝ හදන්නත් බැහැ, ජනතාව හදන්නත් බැහැ. "අමන ජනතාවක් ඉන්නකොට රටක් සැදිය නොහැකි යන්නට ශ්‍රී ලංකාව හොදම උදාහරණයක්" තව එකක් මම මේ දෙපැත්තම විවේචනය කරලා අර 3% අයට ඡන්දෙ දෙන්න කියලා එහෙම නෙවෙයි කිව්වේ. අපේ රටේ අද උදා වෙලා තියෙන තත්වයට, ලෝකේ ඉන්න හොදම පාලකයා ගෙනාවත් හදනවා බොරු.

:       0       3

Asanga Wednesday, 19 February 2020 04:07 AM

කවුරු ආවත් ඔහොම තමයි. මේවා දේශපාලන පත්වීම් නෙවේද ?

:       0       3

දහම් Thursday, 20 February 2020 02:53 PM

විශ්වවිද්‍යාලවල ඉන්න තාවකාලික ප්‍රදර්ශක / තාවකාලික ආචාර්‍ය වැනි ඒවාත් ස්ථීර කරන්න පුලුවන් නම් හොදයි. රටේ පවතින බුද්ධි ගලනය අඩුකිරීමට කටයුතු කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

මහ පුවරුව

ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි
2025 මාර්තු මස 18 150 2

ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය.


ජනපති කාර්යාලයේ ගුවන් හමුදා රියක පුපුරණ ද්‍රව්‍ය
2025 මාර්තු මස 18 6275 13

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළෙක් ඇතුළු දෙදෙනකු


ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට
2025 මාර්තු මස 17 4198 6

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස


දේශබන්දුට නවාතැන් දුන්නොත් වැඩ වරදී
2025 මාර්තු මස 17 3420 20

අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.


‘‘මා බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරනවා‘‘
2025 මාර්තු මස 16 5499 47

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභ


රජයේ ඉඩම් ගිල්ල දේශපාලන ලැයිස්තුව මැතිසබේට
2025 මාර්තු මස 14 5639 36

දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන කිසිදු


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 398 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 909 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 331 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site