
(යොහාන් භාසුර)
හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් තමාට සහ දරුවන්ට පහරදී ජීවත්ව සිටි කන්ටේනර් නිවෙස විනාශ කළ බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියෙන් යුක්තිය ඉටු නොවූ බවත් චෝදනා කරමින් කොල්ලුපිටියේ පදිංචිකරුවෙක් වන තුවාන් සලීම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (15) පැමිණිළි කළේය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් තුවාන් සලීම් මහතා සහ දරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පිටියේදී අද විරෝධතාවක නිරත වූහ.
එම අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් ජනාධිපති කාර්යාලය වෙත ඔවුන්ව ගෙන ගොස් පැමිණිල්ල බාරගෙන එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවදානයට කඩිනමින් යොමුකරන බවට පොරොන්දු වී තිබේ.
තුවාන් සලීම් මහතා සහ දරුවන් නවදෙනා කොල්ලුපිටිය ගාලුපාරේ 10 වැනි පටුමගේ කන්ටේනර් නිවෙසක පදිංචිව සිට ඇති අතර එම නිවස පිහිටි ඉඩම වෙනත් අයෙකුගේ යැයි පවසමින් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් ගිනි අවි පෙන්වා තර්ජනය කර තමන් ඇතුළු දරුවන්ට පහරදී නිවෙසින් එළියට ඇද දමා පදිංවිව සිටි කන්ටේනර් නිවෙස එරාජ් ප්‍රනාන්දු මහතාට හිමි ආරක්ෂක ආයතනයට ගෙනවිත් ඇති බවත් තුවාන් මහතා පසුගිය 11 වැනිදා කොල්ලුපිටිය පොලිසියට පැමිණීලි කර තිබේ.
COMMENTS
මේ එරාජ් ප්‍රනාන්දු ආරක්ෂා කිරීම මහින්දලා කරන ඉතාම බූරු වැඩක්. මංකොල්ල කාරයෙක් වෙනුවෙන් ගතයුතු පියවර නොගන්නේ මන්දැයි අපිත් හිතනවා.
ඉන්නේ කනටෙනර් එකක් ඇතුලේ, හැබැයි ඉන්නවා දුසිම් බාගයක් විතර. ඉතින් රටට මෙහෙම වෙන එකක් අහන්න ඕනෙද? අපේ ළමයින්ගේ සම්පත් මෙහෙම නාස්තිවෙනවා.
කන්ටේනරය ඉවත් කල එක හොඳයි නැතිනම් මෙතැ තව කන්ටේනර් ඉඳි වෙලා කන්ටේනර් ගමක් හදනවා?
කන්ටේනර් ගමුත් හැදෙනවා.