
(යොහාන් භාසුර)
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් සහ වරාය ඒකාබද්ධ සන්ධානය අතර ජාතික සම්පත් සම්බන්ධව උද්ගතවී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් බොරැල්ල අගරදගුරු මැදුරේදී ලබන සිකුරාදා (22) පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.
මෙහිදී යුගදනවි තාප බලාගාරයේ රජයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට පැවරීම පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම සාකච්ඡාවට වරාය අධිකාරිය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන තුන නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සහභාගි වීමට නියමිතය.
COMMENTS
දැන් හාමුදුරුවරු කරන වැඩත් ඔබතුමා කරන්න පටන් අරන්ද? (දැනට බහුතරයක් හාමුදුරුවරු පන්සල අමතක කරලා උද්ගෝෂන කරනවා) නිකන් නම කැතකරගන්නනෙ නැතුව තමන්ගේ වැඩක් කරගෙන හිටියොත් හොඳයි නේද?
අපේ මහ දේශප්‍රේමින් ලෙස හඳුනාගනු ලබන රතන හිමි.
කාදිනල් තුමනි, අපේ විස්වාසය ඔබතුමා පමණි.
පන්සල මදිවට පල්ලියත් ඡන්දෙ ඉල්ලන්න වගේ හදන්නේ.
අනවශ්‍ය වැඩකට නේද මේ අත දමන්නේ? නැවත රට 1956 න් එහාට ගෙනියන්න හදනවාද? කතෝලික බලවේගය මට මතකයි.
කාදිනල්තුමා ඡන්ෙද ඉල්ලනවත් යනවද මන්දා
ඔබ තුමා බුද්ධිමත් නායකයෙක්.
ඔබ වහන්සේට ඔය උනන්දුව පාස්කු ප්‍රහාරයට හම්බ ත්‍රස්තයෝ සුදානම් වෙන කාලේ තිබුනානම්. මේ අය මේ සුදානම් වෙන්නේ මොකටද කියා සොයන්න උනන්දුව තිබුනානම් ප්‍රහාරයෙන් බේරෙන්න තිබුනානේද? ඔබ වහන්සේට ඒගැන උනන්නදුවක් තිබුනෙත් නැහැ. ඒ ගැන දැනගෙන සිටි ක්‍රිස්තියානි අයට ඔබට ඒ ගැන දන්නවන්න උවමනාවක් තිබුනෙත් නැහැ.