IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොතලාවල පනත 3වැනිදා පාර්ලිමේන්තුවට

(අජන්ත කුමාර අගලකඩ)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන මස තුන් වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

මෙම පනත් කෙටුම්පත පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ලබන මස දෙවැනි දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රට තුළ වැරදි මතයක් ඇතිවී තිබෙන බව පවසා ඇති ජනාධිපතිවරයා එය නිවැරදි කළ යුතුව ඇතැයි ද සඳහන් කර ඇත.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී  රැස්වීය.

මේ අතර, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ඉකුත්දා පැවැති රැස්වීමකදී ප්‍රකාශ කළේය .

 



අදහස් (1)

කොතලාවල පනත 3වැනිදා පාර්ලිමේන්තුවට

sisuwek Tuesday, 20 July 2021 11:17 PM

රටේ පුරවැසියන්ගෙන් අයකර ගන්න විවිධ බදු මහාභාණ්ඩාගාරයෙන් නැවත විවිධ ආයතනවලට ලබාදෙන්නේ රටට යහපතක් කරන්න වුණත්, විශ්ව විද්‍යාල පටු දේශපාලන බලුපොරපිටි වෙනවිට මේ රටේ ළමයින්ගේ අධ්‍යාපන අවස්ථා වසර ගණන් ප්‍රමාද වේ. කවුරු මොනවා කිව්වත්, නිදහස් අධ්‍යාපනය කියලා කිව්වට, මේ වියදම් දරන්නේ මේ රටේ ජනතාව... ඒ නිසා ජනතාවගේ දරුවන්ට මොන විදිහකින් හෝ අධ්‍යාපනය ප්‍රමාද නොවී කරගෙන යාමට හැකිවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site