(අජන්ත කුමාර අගලකඩ)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා (06)පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
අධ්‍යාපනයේ සිදු කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳවද රජයේ අවධානය යොමු වී ඇත .
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ(02) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත .
මෙම පනත් කෙටුම්පත ගෙන ආ යුතු බව පිරිසක් ප්‍රකාශ කර ඇති අතර, තවත් කිහිප දෙනෙකු සඳහන් කර ඇත්තේ මෙය ඉදිරිපත් නොකළ යුතු බවය .
මෙම පනත් කෙටුම්පත ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට රජයේ මීට පෙර තීරණය කර තිබිණි .
COMMENTS
රටේ කාලකණ්ණි මිනිස්සුන්ගේ උද්ඝෝෂණ නිසා රටේ අධ්‍යාපනය නිවැරැදි මගට ගේන්න අමාරුයි.. මේ පනත කෙසේ හෝ සම්මත කරගන්න උත්සාහ කරමු. නිදහස් අධ්‍යාපනයෙන් දේශපාලකයෝ අයුතු ප්‍රයෝජන ගන්නවා. අධ්‍යාපනයට වියදම් කරන මුදලින් ලොකු ප්‍රමාණයක් අපතේ යනවා. විශ්ව විද්‍යාල සිසුන් කරන්නේ ඉගෙන ගන්න එක නොවේ. රටේ ප්‍රශ්න ඔලුවට දාගෙන පාරෙ ඉන්න එකයි.