IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කතරගම දේවාලයේ අතු පන්දළම සකසති

(කේ. ඩී. දේවපි‍්‍රය) 

කතරගම දේවාලයේ පෙරහර මංගල්‍යයේ 6 වැනි දිනය වූ අද (8) දේවාලය  ඉදිරිපිට ඇති  කොළ අතු පන්දළම නව කොළ අතු දමා  සකස් කරනු ලැබීය.
 
දුටුගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව සෑම ඇසළ පෙරහැර  සමයකදීම මෙම පන්දළම අලුත්කිරීම සිදුවේ. 
 
පෙරහර දින 05 ක් ගිය පසු මෙම අතු පන්දළම තුළ ඇති පැරණි අතු දඬු ඉවත් කර, මාදම්  කොළ අතු  දමා අලුතින් සකස් කරනු ලබන්නේ පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන්ගේ උපකාරයෙනි.  
 
මෙයට අමතරව බස්නායක නිළමැදුරේ ගොම මැටි ගෑ බිමේ දුටුගැමුණු රජතුමාට, හිටපු නිළමේවරුන්ට පිං පැමිණවීමට පවත්වනු ලබන දානමය පිංකම ද සිදුකෙරිණි. පිංකම අවසන්වීමෙන් පසු අතු පන්දළම සකස් කරනු ලැබීය.
 
මෙම අතු පන්දළම මේ අයුරින් සකස් කරනු ලබන්නේ අතීතයේ දී එක් සිදුවීමක් සනිටුහන් කිරීමට බව කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා පවසයි.
 
කඳ කුමරුවන් හමු වූ දුටුගැමුණු මහා රජතුමා යුද්ධයෙන් ජය ලැබීමට බාරයක් විය. දුටුගැමුණු රජු එළාර රජු පරදවා ජයගත් විගස රන් උළු මාලිගාවක් සාදවා පූජා කිරීම එම බාරයයි. එම බාරය ඔප්පු කරනතෙක් සන්නාසි වෙසින් සිටි කඳ කුමරුවන්ට රජතුමා සෙබළුන් ලවා තාවකාලිකව කොළ අතු පන්දළමක් සාදවා දෙනු ලැබීය. එදා සෑදු අතු පන්දළම අදත් සෑම වසරකදීම සිහි ගන්වමින් කතරගම දේවාලය ඉදිරිපිට පිහිටි අතු පන්දළම සකස් කිරීම චාරිත‍්‍රයක් ලෙස සිදුවේ.
 
බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ  මහතා කොළ අතු මිටිය කණ්ඩුල හස්තියාට ලබාදීමෙන් පසුව හස්තියා විසින් අතු පන්දළමට ප‍ළමු කොළ අතු මිටිය තබන ලදී. අතු පන්දළම සකස් කිරීමෙන් පසු දුටුගැමුණු මහා රජතුමාට අයත් කඩොල් ඇතුගේ දළ යුගල දේවාලයේ මාලිගාවේ සිට දෙවියන්ගේ තිරය දෙපසට රැගෙන එනු ලැබීය.
 
මොණරාගල දිසා ලේකම් ඩී. එස් පත්මා කුළසුරි මහත්මිය, කතරගම දේවාලයේ හිටපු බස්නායක නිළමේ හා ඌව පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, කතරගම දේවාලයේ ප‍්‍රධාන කපුමහතා වන සොමීපාල ටී රත්නායක, කතරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති චනක අමිල් රංගන, කතරගම ප‍්‍රාදේශීය ලේකම් එම්. ඒ නන්දසිරි යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (3)

කතරගම දේවාලයේ අතු පන්දළම සකසති

සලමි Monday, 08 July 2019 11:32 AM

මේ හින්දු දෙවියෙක්.... කෝ සිංහල දෙවියෝ !!!

:       14       0

dilanMonday, 08 July 2019 07:43 PM

අනුන්ගේ ආගමට අපහාස කරන්න ගිහින් තමන්ගේ ආගමටම අපහාස කරගන්න එපා

:       0       4

nali Monday, 08 July 2019 06:51 PM

දෙවියන්ට කොහේද ජාතියක් ?

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31376 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13615 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11018 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1034 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site