(ඉන්දිකා රාමනායක)
එළඹෙන දීර්ඝ සති අන්තයේ මාර්ග නීති මෙන්ම සෞඛ්‍ය නීති උපරිම ආරක්ෂා කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොවිඩ් වයිරසය පැතිරීම සහ මාරක රිය අනතුරුවල ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන නිසා මෙම ඉල්ලීම කරන බවද හෙතෙම කියා සිටී.
මුඛ ආවරණ පැළඳීම ,සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම ,දෑත් සේදීම , ආදී කටයුතු නිසි අයුරින් සිදු කරන්නැයි හෙතෙම ඉල්ලයි.
මෙම කාලය තුළ විනෝද චාරිකාවල බහුලව වශයෙන් යෙදෙන හෙයින් මාර්ග නීති ද උපරිම ආරක්ෂා කරන ලෙස ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
අපට කෙලවුනේ ඔය ඉල්ලීම් නිසයි. සංචරණ සීමා දාල නීතිය හරියට ක්‍රියාත්මක කලානම් මේ රැල්ල වළක්වාගන්න තිබුණා. ඔබතුමා ඉල්ලීම් කළාට අහන්නේ කවුද? යන එකා කොරෝනා බෙදාගෙන යනවා. දැන්වත් නීති තද නොකර හරියන්නේ නෑ.
මේ කියන ඒවා ගොඩක් මිනිස්සු ගනන් ගන්නේ නැ හරියට ගගට ඉනි කැපුවා වගේ එකම දේ අඩුම පළාත් මට්ටමින්වත් සංචරණ සීමා කරන එක එහෙම නැති වුණොත් වෙසක් වෙනකොට දැන් ඉන්දියාවේ තියන තත්වයක් එන්න පුළුවන්
අපේ බත් කන හරක්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔය නීතීරීතී ගැන හැමදාම ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕනෑ දෙයක්ද? අවුරුදු සමයේදී හැම දෙනාටම කෝවිඩ් අමතක වෙලයි තිබුණේ... අපේ අය කවදාවත් හැදෙන්නේ නැහැ. හැදෙන්න උත්සාහ කරන්නෙත් නැහැ. අජිත් රෝහණ මහතා හැමදාම උපදෙස් දෙනවා. ඒත් ඒවා කණකටවත් ගන්නේ නැහැ. ඔය දේවල් නිසා බැට කන්න සිදුවෙලා තියෙන්නේ පිටරටවල සිට එන අයටයි.
ඔය රැකලා තිබෙන්නේ නීතියටම...