



(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ පියා වූ අභාවප‍්‍රාප්ත ඩී.එම්.පී.බී දසනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එය තැන්පත් කර තිබූ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවට දේශපාලන ලෝකයේ බොහෝ දෙනෙක් පැමිණියහ.
ඒ අතර කතානායක කරු ජයසූරිය මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දේහයට අවසන් ගෞරව දක්වන්නට පැමිණ තිබුණේ එකම වේලාවකය.
දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු තවත් වේලාවක් එහි රැඳී සිටි කතානායකවරයා හා හිටපු ජනාධිපතිවරයා කතාබහක ද නිරත වී ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා ද මෙම අවස්ථාවේ එහි සිට ඇත.
COMMENTS
මෙවැනි ශෝකාකුල අවස්ථාවකුත් දේශපාලනයට ඇදගෙන. හත් ඉලව්වයි උසාවිය කියනදේ අහන්නේ නැතුව මොනවද තවත් මේ නටන නාඩගම ? අප දන්නා තරමට නම් "අග්‍රාමාත්‍යවරයා තෝරා ගත යුත්තේ ව්‍යවස්ථාදායකයේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයා ලෙස වන අතර ඒ අනුව අග්‍රාමාත්‍යවරයාව ඉවත් කිරීම ද සිදු කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවටම පමණි". එහෙමනම් මහින්ද රාජපක්ෂ වෙනුවට නිමල් සිරිපාල හෝ චමල් රාජපක්ෂ අගමැති තනතුරට පත්කිරීමෙන් මෙම අවුල විසඳා ගත හැකිවේවිද? ජනාධිපතිවරයා ඒ ගැන සිතා බලන බවටයි අපට නම් ආරංචි වෙන්නේ.
මෙයා හිටපු ජනපති වෙලා ............
ලංකාවේ මිනිස්සු ලෝකේ කොහේ මොනරටක හිටියත් මරණයකට ගියත්, මගුලකට ගියත් දානයකට, බණකට ගියත් ඒ ගොල්ලෝ ලංකාවේ ඉද්දි කරපු දේශපාලනය හැර වෙනකක් නැත. සමහරු ඇවිත් දෙකක් දාගත්තට පසුව ඔවුන් පරණ කරපු දේශපාලන අඳෝනාවල් දිගහරින්නට පටන්ගනී.. අාවේ මොකටද? ඉන්නේ කොතනද? කියලවත් හිතන්නේ නැතිව හැසිරෙන්නේ මෝඩයන් ලෙසමයි...
මේ අය "අහම්බෙන්" හම්බු වෙන අය නොවේ. රටට එකක් පෙන්නලා, තිරය පිටුපස මේ අය හැමදාම හම්බ වෙනවා. එය නොදැන මොවුන් පිටුපස යන මහජනයා තමයි හැමදාම මෝඩයෝ වෙලා ඉන්නේ.