රංජන් කස්තුරි
කතානායකවරයා විසින් අගවිනිසුරුතුමා වෙත යවන ලද බවට ව්‍යාජ ලෙස සකස් කළ ලිපිය සම්බන්ධයෙන් සොයා බලා නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
මහලේකම්වරයා අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
කතානායකවරයා විසින් අගවිනිසුරුවරයාට යවන ලද බව කියමින් ව්‍යාජව සකස් කළ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙන අතර ඒ පිළිබඳ කතානායකවරයාගේ උපදෙස් මත මහලේකම්වරයා එම පියවර ගෙන තිබේ.
COMMENTS
ඕක රඟපෑමක්.... අැත්තට යවපු ලිපියක් ලීක් වෙලා. අරලිය ගහ මන්දිරයෙන් හදපු ලිපියක් කියලා අාරංචියි.
මේවා රාජපක්ෂලාට අලුත් දේවල් නොවේ. මෙයාල බලයට තව මොනවා නොකරයිද..?