(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
කතානායකවරයාගේ ජාත්‍යන්තර උපදේශක තනතුරට පත්කර ගෙන තිබෙන හිටපු විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා ඇමෙරිකාවේ තානාපති ලෙස පත් කළේ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් මිස වත්මන් ආණ්ඩුවෙන් නොවේ යැයි ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.
ප්‍රසාද් කාරියවසම් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් දැක්වූ අදහස් වලට පිලිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවැසීය.
COMMENTS
එදා ඒ තානාපති වැඩකලේ අපේ රටට පඩි ලැබුවේ අපේ රටෙන්... නමුත් අද ඔහු පඩි ලබන්නේ ඇමරිකාවෙන් නිසා මිනිස්සුන්ට සාධාරණ සැකයක් තියෙනවා.. ඔහු ඇමරිකාවට පක්ෂව වැඩ කරනවා කියලා. ඒ වගේම ඇමරිකාව අපේ රටට මෑතක සිට ලොකු බලපෑම් කරන බවත් පැහැදිලි කරුණක්...
දැන් බැලුවම ඔක්කොම ජඩවැඩ කරලා තියෙන්නේ පසුගිය ආණ්ඩුවේ හිටපු රිලව් ටික විතරයි. මේ ආණ්ඩුවේ ඉන්න වඳුරෝ කිසිම අවැඩක් කරලා නැහැ. බොලේ හැබෑට... පුදුම නම්බුකාර වඳුරෝ ටිකක්නේ මේ ආණ්ඩුවේ ඉන්නේ අම්මපා...
එතකොට රජයේ පුවත්පත්වල කතෘමණ්ඩලවලට සහ අධ්‍යක්ෂක මණ්ඩලවලට ඇමෙරිකානුවන් පත්කළෙත් පසුගිය ආණ්ඩුවෙන්ද..?
ඔක්කොම හොරු, මිනීමරුවන්... හැබැයි ඇමෙරිකන් ආමි එක ලංකාවට ආවොත් ඔවුන්ට ගුටිකාලා තමයි යන්න වෙන්නේ... අනික නිල්, කොළ, රතු දේශපාලකයන් සහ ඒ පක්ෂවල ආයුෂ ඉවරයි. අපි වෙනම නායකයෙක් හොයා ගන්නවා. එ්ක ස්ථිරයි.
දැන් නම් හොඳ සිහියෙන් කතා කරන බවක් පේන්නේ නැහැ. මේ අවුරුදු 5කට ආසන්න කාලයක් පෙර රජයේ වැරදි කිව්ව මිස රටට දැනෙන්න වැඩක් කලේ නැහැ... අඩු වශයෙන් ඉදිරි මාස කීපයේවත් රටට දැනෙන්න යමක් කලොත් නමවත් රැකේවි. නැතිනම් අර දේවදත්තයට වෙච්ච දේ වේවි...!!! පහුගිය ආණ්ඩුවෙන් පත්කරපු තානාපති මොකටද උපදේශකමට යොදා ගත්තේ?
ඉතිං අපි ඔයාලා පත්කලේ පහුගිය ආණ්ඩුව වැරදි කළා නම් ඒවා හදාගෙන ඉදිරියට යන්න තමයි. අරූ කළා මූ කළා කියලා ඔයාලත් ඒවම කළාම හරියනවද? පහුගිය ආණ්ඩුවෙන් හදපු මහින්දෝදය විද්‍යාගාර එහෙමම තියෙද්දි අකිලයා ළගම පාසැල හොඳම පාසැල කරන්න කිය කිය ආයෙත් කෝටි ගණන් වැය කරමින් විද්‍යාගාර ඇතුළු යටිතල පහසුකම් හදනවා ගසා කන්න. මහින්දෝදය විද්‍යාගාර පාවිච්චි කරන්නෑ පහුගිය ආණ්ඩුවෙන් හැදූ නිසා. පහුගිය ආණ්ඩුවෙන් කරපු ඒ වගේ දේවල් වෙනස් කර කර වැඩකට නැති දේවල් කරනවා නම් ඇයි මෙවගේ දේවල් වෙනස් කරන්න බැරි...? හැමදේම වාසියට හරවාගෙන තප්පුලන්න එපා.
නපුුංසක ආණ්ඩුවක්නේ.. වැඩක් නැති පනත් විතරයි සම්මත කරන්න පුලුවන්.
මේ රනිල් අගමැති කොහෙන්ද කතා කරන්නේ? තානාපති තනතුරට පත් කරේ මහින්ද ශ්‍රී ලංකාවෙන් පඩි ගෙව්වේ... දැන් අමෙරිකාවෙන් පඩි ගෙවන්නේ... උපදේශක තනතුරට පත් කලේ රනිල් සහ කරු...
මේ මනුස්සය කිසිම ප්‍රශ්නයක් විසඳන්න හදන්නේ නැහැ. හැම වෙලාවේම " කොහෙද යන්නේ මල්ලේ පොල් " කතා තමයි කියන්නේ... හැම එකක්ම පටලවලා තියලා තමන්ගේ බලය රැකගන්න තමයි හදන්නේ. පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරලා සදාකාලික පක්ෂ නායකයා වුණා. රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා අගමැතිකමේ හැමදාම ඉන්න හදනවා. එලොවටත් නැති, මෙලොවටත් නැති මේ නාකි ටික ගෙදර යවන්න ඕනේ...
ඔයගොල්ලෝ ඔක්කොම කතා කරන්නේ හරියට රා බීපු මීයෝ වගේ. මම ඉන්නෙත් ඇමෙරිකාවේ... මේ රටේ ඉන්න ලාංකිකයෝ කියන්නේ ඒ අය දේශප්‍රේමින් කියලා. එසේ කියූවිට මම අහන්නේ ඔයගොල්ලෝ කියනතරම් ලංකාවට ආදරේ නම් මෙහෙ මොනවද කරන්නේ කියලයි. සෑම දෙයක්ම විඳගෙන ලංකාවේ ජීවත් වෙන අය තමා ඇත්ත දේශප්‍රේමින්... මෙහෙ ඉන්න වැඩිදෙනා බොරු හේතු පෙන්වලා මෙරට නතර වුණු අය... අමෙරිකාවත් එක්ක සටනක් ගැන කතාකරන්න එපා. යුද්ධ වලින් නිකරුනේ මිනිස් ජීවිත නැතිවෙනවා.
මේ RW කියන මනුස්සයගේ දැන්නම් ඔලුව හොඳනැහැ වගේ කතා කරන්නේ... ඔය කියන ඩිප්ලෝමා පිළිගත්ත කෙනෙක් විදියට ඇමෙරිකාවේ ශ්‍රී ලංකා එම්බසි එකට ඇරියේ පහුගිය ආණ්ඩු කාලේ වුණාට ඒ කළ ඒ මනුස්සයා ලංකාවේ එෆ්.එම්. එකෙන් ගෙවපු නිලධාරියෙක්... ඊකෙ කිසිම ප්‍රශ්නයක් තියෙනවද? නමුත් එයාගේ කල් ඉවර වුණාම ලංකාවේ පාර්ලිමේන්තුවට අමෙරිකාවෙන් ගෙවන නිලධාරියෙක් වෙලා එනවිට දැන් තියෙන ආණ්ඩුවේ අනුමැතිය දුන්නේ කෙසේද කියන එකයි ප්‍රශ්නය... එතකොට ලංකාවේ තියෙන උත්තරීතර ආයතනයට පිටරටකින් ගෙවන නිලධාරියෙක් පත් කරන්න ලංකාවෙන් පඩියක් ගෙවන මිනිස්සු නැතිවද? අද Island පත්තරේ මීට වැඩි දෙයක් ලියලා තියෙනවා... මේ කතාවම නමුත් ඒකට කමෙන්ට් බොක්ස් එකක් නැතිව තමයි ඒක තියෙන්නේ. හරි ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු දෙන්න බැරිව මෝඩ කතා කියමින් කාලය කා දමන්න පුළුවන් කෙනෙක් තමයි ඔය RW. ඉස්සරකාලේ මිනිස්සු කීවේ මෙවැනි අයට "යන්නේ කොහෙද මල්ලේ පොල්" කියනවා කියලා...
මට නම් හිතෙන්නේ මෙයා 'රජ ගෙදර අන්දරේ' කියලයි .
කෙනෙක්ව ඕනෑම රටක තානාපති කෙනෙක හැටියට පත් කිරීම ඒ ඒ රජයවල් වලින් කර තිබෙනවා. මෙතන ප්‍රශ්නය ඇමරිකාවෙන් වැටුප් ලබන කෙකෙකු කතානායකට උපදෙස් දෙන්න පත් කිරීමයි. සුපුරුදු පරිදී නායක ගියියා අපිට කොලේ වහල ගහන්න හදනවා. අර ගොන් 62 මස් කරලා හමාරයි හලෝ.