IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කතානායකගෙන් අනිල් ජාසිංහට උපදෙස්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දියවන්නා ඔයේ ජලය අපවිත්‍ර වීම සහ අවපැහැ ගැන්වීම සම්බන්ධයෙන් කාර්ය සාධක බලකායක් පත්කර කඩිනම් පියවර ගන්නයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ට උපදෙස් දුන්නේය .

දියවන්නාවේ ජලය අපවිත්‍ර වීම වැළැක්වීමට ක්ෂණික විසඳුම් හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කරන ලෙසත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් කතානායකවරයා දැනුම් දී ඇත.

කතානායකවරයා මේ දැනුම් දීම කර ඇත්තේ දියවන්නා ඔයේ ජල දූෂණය සම්බන්ධයෙන් පාර්ලිමේ න්තු සංකීර්ණයේ දී ඉකුත් 19 දා පැවති රැස්වීමකදී ය.

දියවන්නා ඔයට රාජ්‍ය හා පෞද්ගලික ආයතන ,නිවාස සංකීර්ණ, කර්මාන්ත, නිවාස යෝජනා ක්‍රම වලින් ක්‍රමවලින් බැහැර කෙරෙන ජලය පිළිබඳව නිරන්තරයෙන් අධීක්ෂණය පසුවිය යුතු බවපාර්ලිමේන්තු ලේකම් ධම්මික දසනායක මහතා මෙහිදී පැවසීය .

නිවාස වලින් මල අපද්‍රව්‍ය බැහැර කිරීම වළක්වාලීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පරිසර අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දියවන්නා ඔය ජලාශයේ ජලය පිරිසිදු පවත්වාගෙන යෑම සඳහා විවිධ ආයතනයන්හි සහ විද්‍යාර්ථීන්ගේ දායකත්වය ලබාගැනීමේ වැදගත්කම ද ලබා ගැනීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මෙම සාකච්ඡාවට ආරක්ෂක අමාත්‍යාංශය,පරිසර අමාත්‍යාංශය ,ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා ජල සම්පත් හා ජලාප්‍රවහන මණ්ඩලය,මධ්යම පරිසර අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය ,ජාතික ජල සම්පත් ජලසම්පත් පර්යේෂණ ජල සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ඒජන්සිය,පොලිසිය ,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව,මොරටුව විශ්ව විද්‍යාලය ,ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීහු ද සහභාගි වූහ .

 



අදහස් (0)

කතානායකගෙන් අනිල් ජාසිංහට උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site