IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


කුණු ලොරිවල ආරක්‍ෂාවට හමුදා - පොලිස් ආරක්‍ෂාව

(ඔගස්ටින් ප්‍රනාන්දු)     
 
වනාතවිල්ලුව අරුවක්කාලු කසළ අංගනය වෙත කොළඹ සිට කසළ ගෙන එන රථවල ආරක්ෂාවට යුද හමුදා හා පොලිස් නිලධාරීන් 55දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යොදවා ඇතැයි පුත්තලම පොලිස් අධිකාරි චන්ද්‍රසේන ජයකොඩි මහතා සඳහන් කළේය. 
 
මින් ඉදිරියේ දි කිසිදු බාධාවකින් තොරව කසළ ප්‍රවාහනය කිරීමට හැකි වන සේ එම පියවර ගත් බවද ඒ මහතා පැවසීය. කසළ ප්‍රවාහන රථවලට කිසියම් ප්‍රහාරයක් කළහොත් සැකකරුවන් පොදු දේපල හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බවද පුත්තලම පොලිස් අධිකාරීවරයා කීය.
 
කොළඹ සිට කසළ රැගෙන එන සියලු වාහන මුන්දලම ප්‍රදේශයේ රඟවා ගෙන අරුක්වකාලු දක්වා ඒකාබද්ධව ගමන් කිරීමට පියවර ගන්නා බවත් පොලිස් අධිකාරි චන්ද්‍රසේන ජයකොඩි මහතා සදහන් කළේය.
 
කොළඹ කසළ දැමීමට ස්ථානයක් නොවූ බැවින් එහි එකතු වන සියලු කසළ අරුක්කාලු අංගනය වෙත ගෙන යාමට පියවර ගත් අතර මේ නිසා ඇතැම් පුද්ගලයින් සිය දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමේ අරමුණින් කසළ ප්‍රවාහනයට එරෙහිව විරෝධතාවක් ඇති කිරීමට නොමග යවන ලද මහජන කණ්ඩායම් යොදවා තිබිණි. ඒ අනුව කුපිත වු පිරිස් ස්ථාන පහක දි කසළ ප්‍රවාහනය කරමින් තිබූ වාහනවලට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීම් සිද්ධීන් වාර්තා විය. 
 
මෙහිදී පුත්තලම පොලිසියේ ජීප් රථයේ ඉදිරි රාමුව ට ද හානිවු බවත් මෙම සියලු සිද්ධීන් සිදු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවත් වාර්තා විය. ඉන් සිව්දෙනෙකු සාමාන්‍ය නීතිය යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව ඔවුන්ට ඇප නියම විය. එක් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා පොදු දේපළ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර ඇත.



අදහස් (8)

කුණු ලොරිවල ආරක්‍ෂාවට හමුදා - පොලිස් ආරක්‍ෂාව

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 28 August 2019 07:13 AM

අපේ රටේ දැන් කුණු විසිකරන්න යන්නෙත් හමුදා ආරක්ෂාව යටතේ

:       4       11

රවින් Wednesday, 28 August 2019 07:55 AM

නියමයි. ඔය විදියට අනික් හැම තැනකදීම නීතිය තදින් ක්‍රියාත්මක කෙරුවොත් මේ රට යම්තාක් දුරකට හැදෙයි. නිදහස කියන වචනේවත් තේරුම් ගන්න බැරි නූගත් කොටසක් රටේ උත්තරීතර පාලන අධිකාරියට යැවීමේ ප්‍රතිඵල තමයි ඕවා. කොළඹට එකතුවෙන කුණු වලින් වැඩිම ප්‍රමාණයක් (75% හෝ වැඩි ) ගෙන එන්නේ පිට පළාත්වලින් බව තේරුම් ගන්න තරම් මොලයක් නැති උදවියගේ වැඩ...

:       0       5

සුමුදු Wednesday, 28 August 2019 08:20 AM

හරි..චම්පික. අපි බලමු. හමුදාවේ, පොලිසියේ අය ගැන අපිට තියෙන්නේ ලොකු ගෞරවයක්.. නමුත් ඒ ගොල්ලෝ මේ හොරනරි 225 කියන කියන විදිහට නටන්න ගියොත්.. අපිට සිදුවෙන්නේ ගරිල්ලා ප්‍රහාරයකට යාමටයි. හැමදාම ගහන්නේ නැහැ. නියමදාට හැංගිලා ඉඳලා පහර එල්ල කරනවා. චම්පික අපි ඡන්දේදි හම්බවෙමු. ඔය සුදු වස්ත්‍රයෙන් වහගෙන ඉන්න ඔබේ කළු චරිතය ඔක්කොම එදාට එළියට දානවා.

:       72       85

Gamarala Wednesday, 28 August 2019 09:02 AM

ඇත්තටම මේ කුණු ප්‍රශ්නයට ඔයිට වඩා හොඳ විසඳුමක් නැද්ද? මේ දරණ වියදමත් එක්ක බලනකොට අපේ රටේ ඉන්න ඒ විද්වතුන් කීපදෙනෙක් විදේශවලට යවලා පුහුණුවක් ලබා දුන්නොත් විශාල මුදලක් සදාකාලිකව ඉතිරි කරගත හැකියි. විශේෂයෙන් ඇමෙරිකාව වගේ රටවල කසල කළමනාකරණය කරන හැටි දැන ගත්තොත් ඉතාමත් වැදගත්...

:       0       4

විජිත් Wednesday, 28 August 2019 11:08 AM

ගමරාල මල්ලි, අපිට ඉන්න උගතුන් අතරින් කසල කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය ගැන උසස්ම සුදුසුකම් ඇති කෙනෙක් තමයි ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය. එතුමිය මේ ක්ෂේත්‍රයේ ටික කලක් හිටියා. සක්‍රීයව දායකත්වය ලබාදුන්නා. එතුමිය දුන්නු උපදෙස් අද ක්‍රියාත්මක කළානම් මේ රට කුණු නැති රටක් වෙලා. නමුත් එතුමිය ඉන් ඉවත්වුනේ දේශපාලකයන් ඒ වැඩවලට ඇඟිලි ගැසීම නිසයි. එතුමියගේ උපදෙස් ක්‍රියාත්මක කරනවා වෙනුවට දේශපාලකයන් එතුමියට උපදෙස් දෙන්න ගියාලු. නියම උගතෙක් කවදාවත් හරියකට පාසලකටවත් නොගිය, රෑට රෑට කුකුල් හොරකමේ ගිය, හොර පොල් කඩන්න රෑට ගස් බඩගාපු ..මෝඩයින්ගේ ඡන්දයෙන් දියවන්නාවට ගිය "නරියෙකුගේ" උපදෙස් පිළිපදින්න.."සර්" කියන්න කැමති නැහැ. එතුමිය ගියා. මට ලඟදි මිතුරෙක් කීවා එතුමිය නැවත අපේ රටට ඇවිත් ඉන්නවා කියලා.

:       31       92

Gamarala Wednesday, 28 August 2019 12:27 PM

අපේ රටේ කුණු දේශපාලකයෝ නිසා රජයේ නිලධාරියෙකුට හරියට වැඩක් කරන්න බැහැ. මම අවුරුදු 30කට වැඩිකාලයක් රජයේ අයගේ කුණු හොයන තැනක තමයි රාජකාරි කලේ. ඒ නිසාම මට තවත් එතැන ඉන්න බැරි විදිහට හිරිහැර වුණා. ඒ නිසාම අැමෙරිකාවේ රැකියාවක් සොයාගෙන කලක් ඉඳලා මෙහෙ ආවා. එහෙදි තමයි මම දැක්කේ ඔය කුණු කළමණාකරණය. මොන වැස්ස, සීතල තිබුණත් උදේ පහ, හය වෙනකොට කුණු ලොරිය සතියකට වරක් ගෙදර ලඟට එනවා. හැබැයි එන්නෙත් එක්කෙනයි...

:       0       6

Indhika Wednesday, 28 August 2019 09:37 AM

"VIP" කියන කුණුවලටත් ආරක්ෂාව දෙන එකේ, නියම කුණුවලට දුන්නම මොකද කියලත් හිතෙනවා...

:       0       9

jayath Wednesday, 28 August 2019 10:27 AM

"ලෝකෙන් උතුම් රට ලංකාවයි, ලංකාවයි, සිරි ලංකාවයි... හමුදා, පොලිස් ආරක්ෂාව මැද්දේ දේශපාලකයොත් යනවා ! කුණුත් "යනවා" කාටද ආඩම්බර?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 790 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 918 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 379 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site