IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘කුණු ප්‍රශ්නය නොවිසඳුණහොත් මාතර පාසල් වහනවා’

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර කුණු කසල ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් අනිද්දා සිට මාතර නගරයේ පාසල් තාවකාලිකව වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාට තමා අවසර දෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද (08) මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී පැවසීය.

මෙම කුණු ප්‍රශ්නය හේතුවන් රුහුණ විශ්වවිද්‍යාලය සහ පාසල් ගණනාවක දරුවන් පීඩාවට පත්ව ඇති බවට තමා වෙත පැමිණිලි ලැබී ඇති බවද ඔහු කීය.

දරුවන්ගේ ජීවිත වටිනා බැවින් එම තීරණය ගන්නා බවද කීවේය.

උද්ගතව ඇති තත්වය හමුවේ අනිද්දා මාතර මහජන පොළ වසා දමන ලෙසද ආණ්ඩුකාරවරයා මාතර මහ නගර සභාවට නියෝග කළේය.

කුණු ප්‍රශ්නය තවදුරටත් උත්සන්න වුවහොත් මාතර නගරය ජීවත් වීමට නුසුදුසු තත්වයට පත් වන බවද ඊට වග කිව යුත්තන් ඉතා කඩිනමින් විසඳුමක් සපයා දිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

කොටවිල කසල ප්‍රතිචක්‍රීකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා තමා විසඳුමක් ලබා දී තිබියදී මෙම තත්වය ඇති වී තිබෙන බවද තෙන්නකෝන් මහතා කියා සිටියේය.

මාතර කොටවිල කසල අංගනය හේතුවෙන් තමන් පීඩාවට පත් වන බවට ප්‍රදේශවාසීන් ඉදිරිපත් කළ පැමිණිලි මහජන පීඩා යටතේ කොටවිල පොලිසිය මාතර අධිකරණයට කරුණු වාර්තා කර මාතර මහ නගර සභාවට එරෙහිව නඩුවක් පවරා තිබුණේ මීට වසර එක හමාරකට පමණ පෙරදීය.

එම නඩුවේ තීන්දුව ඉකුත් 27 වැනි දින ප්‍රකාශ කළ අතර මාස තුනක කාලයක් එම අංගනයට කසළ බැහැර කිරීම වළක්වමින් හා කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට සුදුසු වාර්තාවක් සකසා ඉදිරිපත් කරන ලෙස ඉන් නියෝග කර තිබුණි.

ඒ අනුව කසළ බැහැර කිරීම සඳහා විකල්ප ස්ථානයක් නොමැති කම නිසා මාතර මහ නගර සභාව ඉකුත් 04 වැනිදා සිට කසළ ඉවත් කිරීම නවතා දමා තිබේ.



අදහස් (19)

‘කුණු ප්‍රශ්නය නොවිසඳුණහොත් මාතර පාසල් වහනවා’

Saman Monday, 08 July 2019 01:27 PM

ඉන්න හිතෙන රටක්...

:       68       388

චමින්ද Monday, 08 July 2019 01:42 PM

මෙම ප්‍රශ්නය පොලිසිය ඒකපාර්ශවීය තීරණයක් මත කටයුතු කිරීමෙන් සිදුවූවක් බව මහනගර සභාවක කටයුතුකර ඇත්තෙකු ලෙස ප්‍රකාශ කළහැක. මෙහිදී පොලිස් ස්ථානාධිපතිට වඩා ඉහළ තනතුරක් දරණ නාගරික කොමසාරිස් සමග සාකච්ඡා නොකොට අධිකරණය දක්වා ප්‍රශ්නය ගෙනයාමෙන් පොලිසිය ප්‍රශ්නය දික්ගස්වා ඇතිබව කිව හැකිය...

:       1       316

SamuelMonday, 08 July 2019 04:23 PM

මේ තනිකරම මාතර නගර සභාවේ අකාර්යක්ෂමතාවය, දිවයිනේ හැම ප්‍රාදේශීය හා නගර සභා කසල ප්‍රතිචක්‍රීකරණය සඳහා මෙහි සභාපතිවරු බොහොමයක් ජනතාවගේ මුදලින් විදේශ ගතකර පුහුණුකර ඇත. ඔවුන් මේ තාක්ෂණ ක්‍රම භාවිත නොකොට, කසල ගොඩ ගැසීම පමණක් කරනු ලැබේ. මේ තාක්ෂණ ක්‍රම භාවිතා කරන නගරසභා සහ ප්‍රාදේශීය සභා ඇත්තේ අතළොස්සක් පමණි. සමන්, ඇත්තෙන්ම ඉන්න හිතෙන රටක්.. හා හා

:       0       235

මුණසිංහ Monday, 08 July 2019 03:15 PM

හරිම ශෝක් විසඳුම... නියමයි.... ආණ්ඩුකාරතුමනි, එතකොට ඔය කුණු ප්‍රශ්නය විසඳන්න කියලා ඔය කියන්නේ අපිටද? අර පාසල් වලට සීමාව ඉක්මවල ළමයි ගන්න කිව්වා වගේ බැරිද ඔබතුමාට ඕන කෙනෙකුට බම්බු ගහගන්න කියල පරණ විදියටම කුණු ඉවත් කරනු! කියලා නියෝගයක් දෙන්න.

:       30       152

Amila Monday, 08 July 2019 03:33 PM

බුද්ධිමත් ප්‍රායෝගික මිනිස්සු පොලිස් ස්ථානාධිපතිලා නොකිරීමේ තවත් එක් සිද්ධියක්.

:       0       182

දිමුත්Tuesday, 09 July 2019 06:36 AM

මෙතනදි ප්‍රායෝගික වෙලා නැත්තේ අධිකරණයයි. කුණු දාන්න විකල්පයක් නැති වුණාම මෙහෙම වෙනවා

:       0       0

සිරිබිරිස්Tuesday, 09 July 2019 11:32 AM

ඇත්ත වුනත් කෙනෙකු කියන්න පුළුවන් අධිකරණයට අපහාස කළා කියලා...

:       0       0

Hafeel Monday, 08 July 2019 03:52 PM

මේ කුණු ප්‍රශ්නය විසඳන්න බැරි පාලකයෝ... ඉතින් කොහොම රට හදාවිද? ජනාධිපති, අගමැති, ආණ්ඩුව, පළාත් සභා, පළාත් පාලන ආයතනවල් එහෙම තිබුණට වැඩක් නැහැනේ. කොහොම වුණත් මේ ආයතනවල් මහ ජනයාගෙන් බදුත් අයකරනවනේ... ඔවුන් වැටුපුත් ගන්නවනේ. ඉතින් වැඩක් තියේවිද?

:       60       230

Rata Perata Monday, 08 July 2019 04:49 PM

මේ වගේ හරක්නේ මේවට පත් වෙලා ඉන්නේ? කුණු අදින්න බැරිනම් ඉස්කෝල වහනවා. මේ පාලකයෝ ද?

:       8       138

dilal Monday, 08 July 2019 04:54 PM

මේකද මේ ආණ්ඩුකාරයට දෙන්න පුළුවන් හොඳම විසඳුම?

:       7       24

Prabha Monday, 08 July 2019 05:00 PM

ජනාධිපති දන්නවා එයා ජනාධිපති කියලා. අගමැති දන්නවා එයා අගමැති කියලා.. දෙන්නා පත් කරන අය, දන්නේ නැහැ ඒ අය කරන්නේ කියන්නේ මොනවද කියලා...

:       1       120

Bishan Monday, 08 July 2019 06:35 PM

කව්ද මෙයාව පත්කරේ

:       40       161

nihal Monday, 08 July 2019 07:25 PM

මහජන පොළ වැසීම, පාසල් වැසීම තුලින් වෙන්නේ මහජනයා තවත් පීඩනයට පත්වීමයි. ආණ්ඩුකාරවරයෙක් යනු ගරුතර, වගකීම් දැරිය හැකි ,මහජන සුව පිණිස කටයුතු කලයුතු අයෙකි. මේ කීර්තිගේ ප්‍රකාශයන් තුලින් පෙනී යන්නේ නොහැකියාවෙන් පෙලෙනා අයවලුන් විසින් තවත් නොහැකියාවෙන් පෙලෙනා තමාවත් පත්කර ඇති බවය

:       0       132

SLTuesday, 09 July 2019 02:06 AM

මට හිතෙන්නේ කීර්තිට වැඩිය ප්‍රාදේශීය දේශපාලකයින්ගේ වැඩක් මේක, කීර්ති යමක් කරන්න හදනවා වගේ පෙනෙනවා. .

:       7       0

ලුම්බිණි Tuesday, 09 July 2019 01:21 AM

අද ඉන්න මහජන සේවකයෝ නැත්නම් නිලධාරි කියල කියා ගන්න පිරිස කරන්නේ මහජනතාවට සේවයක් නොව තමන්ගේ බලය අනික් අයට පෙන්වීමේ තරඟයක යෙදීමක්.

:       0       6

jayath Tuesday, 09 July 2019 02:47 AM

මේ රට, මේ සිස්ටම් එක, මේ පාලකයෝ කොච්චර මේ කුණුගොඩ තරමටම කුණු වෙලාද කියල පෙන්වන හොඳ සිද්දියක් මේක. අපට මතක නෙව මීතොටමුල්ල , කරදියාන මේවා කොළඹ නමුත් මේ කුණුගොඩ ප්‍රාදේශීය නගරයක මීට වසර 30 කට 40 කට කලින් ඇති සුන්දර , රමණීය නගරයක් මේකෙන් ගම්‍ය වෙන්නේ කොයි පාලකයාත් එකයි තමන්ගේ වැසියන්ගේ කුණු ටික කළමනාකරණය කරගන්න බැරි පාලකයෝ !

:       0       5

lalithm Tuesday, 09 July 2019 03:17 AM

මාතර කුණු කොටවිලට ගෙනියන එක හරි විසඳුම නොවෙන්න පුළුවන්. එතකොට එහෙ මිනිස්සු විඳවන්න වෙනවා. නිවැරදි කසල කළමනාකරණයක් කරන්න ආණ්ඩුකරයින්ට බැරි වුනත් මහා නගර ඇමතිතුමා වගේ කෙනෙක්ට ඒක තේරුමක් තියෙන්න පුළුවන්. තවදුරට කියනවා නම් විශේෂඥයින් ඉන්න පුළුවන් එම අමාත්‍යාංශය යටතේ.

:       0       10

Sugath Tuesday, 09 July 2019 03:35 AM

කුණු ඉවත්කිරීමට නියෝගයක් දෙන්නේ නැතුව ළමුන්ගේ පාසල් ගමන කඩාකප්පල් කරන කෙනෙක්

:       0       9

Sunil Tuesday, 09 July 2019 05:18 AM

වැඩක් කරන්න බැරි අය පත් කරන එකේ වැරැද්ද. මැතිවරණයකට ඇවිත් බලන්න

:       1       11

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 7232 24

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 5718 22

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 2198 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 2292 1

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 3736 33

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


කණ්ඩලම වැව් රක්ෂිතයේ සුන්දරම වන වියන වනසයි
2024 ඔක්තෝබර් මස 10 2691 12

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39984 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site