(තිළිණි ද සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපද රජයේ සංවර්ධන මූල්‍ය ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව මගින් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් ලබා දුන් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකාවේ තානාපති කාර්යාලය කියා සිටී.
මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපර අංශයට රුකුල් දීම , පෞද්ගලික අංශයේ ආයෝජන ශක්තිමත් කිරීම සහ කාන්තා ව්‍යවසායකයින්ට සහාය දීමේ අරමුණෙන් මෙම මූල්‍යාධාර ලබා දෙන බවද ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.
මෙම අරමුදල් මෙරට පෞද්ගලික බැංකුවක් හරහා ලබා දෙන අතර මෙම මුදල ජාත්‍යනතර සංවර්ධන මූල්‍ය සංස්ථාව මෙතෙක් ශ්‍රී ලංකාවට ලබා දුන් විශාලතම මුදල මෙය වේ.
ආර්ථික ලෙස සවිබල ගැන්වූ කාන්තාවන් හරහා ප්‍රජාවන් සහ රටවල් පරිවර්තනයට ලක් කරන්නක් බැවින් ලංකාවේ කාන්තාවන්ට මෙම අරමුදල් උපකාරී වනු ඇතැයිදශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවැසුවාය.
COMMENTS
රනිල් වික්‍රමසිංහ මහත්තයට තමයි අගමැතිධුරය දරණ කාලයටත් වඩා වැඩි සතුටකින් දැන් විපක්ෂයට වෙලා වාඩිවෙලා බලාගෙන ඉන්න පුළුවන්. මොකද ඔහු අගමැති වෙලා ඉද්දි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු ආර්ථික ප්‍රතිපත්තිය ඔහුගේ වැඩ පිළිවෙළ ඊටත් වඩා හොඳින් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් යනවා.....
බැංකුව කුමක්ද? දෙනවා කිව්වාට ගන්න ගියාම දහසක් නීති මේකවත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වුණොත් හොඳයි. බොහෝ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් පොලී මුදලාලිලාට ගොදුරු වෙලා ඉන්නේ...
ඇමෙරිකාවෙන් දුන්නා... මෙය උගුලක් විය යුතුයි. යහපාලන සමයේ ඇමරිකන් උගුල්වලින් බේරී අප රට කරගෙන ගිය අයුරින්ම මේ ඇමෙරිකන් ගැති ආණ්ඩුවෙන් රට බේරා ගැනීමට පෙලගැසෙමු. ඇමෙරිකාවෙන් යම් මුදලක් ලබාදෙන්නේ ඔවුන්ට යමක් ලැබෙන්නේ නම් පමණි. මෙම මුදල් ප්‍රතික්ෂේප කර ජනතා සුබ සිද්ධියට අප කැපවෙමු. ආණ්ඩුවේ බටහිර ගැතිකම හෙලා දකිමු...
ඇමෙරිකාවෙන් දෙයි.. ලංකාවේ දී වාෂ්ප වෙයි. එහෙමයි වෙන්නේ. අපි නොදන්න ලංකාවේ බැංකු... !!!
කාන්තාවන් සවිබල ගන්න නම්.. ඉතින් ඉස්සෙල්ලම සිරිලිය බලගන්වලා ඉම්මු.