
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින කාන්තාවක විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා හෙරොයින් පැකට් පන්සිය විස්සක් (05) දා අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි.
පොලිසියට ලද තොරතුරක් අනුව පානදුර හොරේතුඩුව ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් ගමන් ගත් ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි සඟවා ප්‍රවාහනය කරමින් තිබූ මෙම හෙරොයින් පැකට් 520 සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
ඒ සමඟම සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථන දෙකක් සහ ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගත් බව පැවසේ.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා පානදුරේ "රොෂා" නමින් හඳුන්වන අයෙකු බව පොලිසිය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරුලාට බණින්නේ නැතිව කුඩු, එතනෝල්, බිස්නස් කරලා ජීවත් වෙන්න ලේසියි. ඒක තමයි නන්දසේන ඇතුලු මේ රජය මිනිස්සුන්ට දෙන පණිවිඩය...
පානදුර තියෙන්නේ කොහේද? හොරේතුඩුව තියෙන්නේ කොහේද?