තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදු වු වෙඩි තැබීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.
පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා සහ දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු සඳහා මේ වන විට එම ස්ථානයට ගොස් තිබේ.
අද (25) උදෑසන 6.30 ට පමණ සිදු වු මෙම වෙඩි තැබීමෙන් පුද්ගයින් 4ක් මිය ගොස් තවත් 6 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ධිවර වරායේ දෙපිරිසක් අතර කලක සිට පවතින ගැටුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු වී ඇතැයි පොලීසිය සැකකරයි.
(36698)
COMMENTS
පොලිස්පතිතුමා මොනවා නියෝග කලත් මිනිමරුම්වල අඩුවක් නම් නැත.
පොලිස්පති කිවුවේ නැත්නම් පරීක්ෂා පවත්වන්නේ නැද්ද?
මම මීට ඉස්සෙල්ලත් කියලා තියනවා නේ! තංගල්ල කියන්නේ දැන් සාමාන්‍ය ජන ජීවිතයට අවදානම් තැනක්. නියම ච්කාගෝවක් .
rocky මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. තංගල්ල නොව විනයක් නැති මිනිසුන්ගෙන් පරිපූර්ණ ඕනෑම ස්ථානයක සිදුවන බව නොරහසකි. ලඟම සහ හොඳම උදාහරණය දියවන්නා ඔය " 225 කින් සමන්විත ගවගාලේ " ක්‍රියාව හැඳින්විය හැක. විනය අතින් ඉතාම ඉහළ අගයක් ගතයුතු ස්ථානයකත් එසේ දඩාවතේ යන පිස්සු බල්ලන් ලෙස 225ම හැසුරුනේ සහ හැසිරෙන්නේ නම් අප සමාජයේ අනිකුත් ස්ථානයන් ගැන කවර කතාද?