(විනීතා එම් ගමගේ)
කඩුවෙල වෙලේ හන්දිය ආසන්නයේ පහත් බිමකට මුදාහැර ඇති වැසිකිලි අපද්‍රව්‍ය ගෙනැවිත් දැමූ සමාගම ලවා වහා ඉවත් කරවන්නැයි නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල් ඒ ගීතාල් මහතා විසින් නවගමුව පොලිසියට නියෝග කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙම පියවර ගෙන ඇත.
කැලණි ගඟට මීටර් සියයක් දුරින් තැනිතලා බිමක පෞද්ගලික සමාගමක් විසින් ගෙනැවිත් දමන ලද ගලි බවුසර් 30ක් පමණ වූ මෙම වැසිකිලි අපද්‍රව්‍ය හේතුවෙන් කැලණි ගෙඟ් පානීය ජලය අපවිත්‍රවීමේ අවදානමක් ඇති බව නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පෙන්වා දීමෙන් පසු ඔහු මෙම නියෝගය දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා පැවැසීය.
මෙම අපද්‍රව්‍ය ගෙනැවිත් දමන ලද ඉඩම අපද්‍රව්‍ය දැමීම තහනම් කරන ලද ඉඩමක් බවත් එය කැලණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් වර්ෂාවත් සමඟ අපද්‍රව්‍ය ගඟට මුසුවන බවත් කී සභාපතිවරයා මේ පිළිබඳව අධිකරණ ක‍්‍රියාමාර්ග ගත් නමුත් ඊට අදාල නීතිමය කටයුතු 9 වැනිදා සිදු නොවන බව අධිකරණය දැනුම් දුන් බැවින් මෙසේ ඉක්මන් පියවර ගත් බවත් කියා සිටියේය.
අද හෙටම අදාල සමාගම විසින් එම අපද්‍රව්‍ය ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එය නවගමුව පොලිසිය මැදිහත් වී කරවනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවැසීය.
COMMENTS
තහනම් ඉඩමක ජරාව දාල යන එකවත් නවත්වන්න බැරි අධිකාරියක් මොකටද? අපේ බොහොමයක් අධිකාරි ආයතන. අල්ලස් කොමිසමට අල්ලන්න පුළුවන් හපන්න බෑ. ඒ වගේ තමයි. නීතිමය බලතල දෙනවා වගේම, ක්‍රියාත්මක කිරීමේ බලතලත් දෙන්න ආණ්ඩුවට බැරි ඇයි?
මොන ඉල්ලීම්ද? කුදලාගෙන ආවා ඔය කියන සමාගමේ අධ්‍යක්ෂවරු, මලපහ දැමු ඉඩමේ දින 28ක් නිරෝධායනයට ලක් කළා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. හැබැයි පොඩි කොස්සකට තියෙන්නේ සැබවින්ම නොරෝධායනයට ලක් කල පොදු ජනයාට ලැබෙන තරු පන්තියේ සැලකිලි කිසිවක් නැහැ. කෑම බිම අසනීප වුවොත් බෙහෙත්හේත් ගමන් වියදම් තම වියදමින් වගේ සුලුසුලු තරු හතේ පන්තියේ සැලකිලි තමා. කැමතිනම් විතරක් " කුම්බලා මාළු කැවානම් දිරවාපන් බළලෝ" කියලා නළලේ පච්ච කොටනෙක.
කරුණාකර මේ අසික්කිත සමාගමේ නම හෙළි කරන්න...
මෙක හිතාමතා සිදුකළ දෙයක්...
මේ සඳහා රජයේ පරිපාලන වියදම හා රු: ලක්ස 10 - 100 දක්වා දඩයක් එකතුකර දෙසතියකින් ගෙනගියේ නැත්නම් දඩය වැඩි කරන බව කිය යුතුය... මෙය අධිකාරියේ සාමාන්‍ය දඩ ක්‍රමය විය යුතුය. පත්තර වල දමන්න පෙර අධිකාරිය ක්‍රියා මග ගත යුතුය...
ඔය ජරාව ගෙනාපු කට්ටියට කවන්න ඕනා.
කොතලාවල හරියෙ ඉන්න මිනිස්සුන්ගෙ බඩු හොරකන් කරන මිනිස්සුන්ට කරදරයක් උන කුඩුකාරයව අල්ල ගන්න බැරි නවගමුව පොලීසිය ලොකු ලොකු කොම්පැනි වල මිනිස්සු අල්ලයි. පිස්සු තමයි අන්න ලගදිත් අහින්සක මනුස්සයෙක්ගෙ ටයිල් පෙට්ටි වගයක් හොරකන් කරල අහුවෙලාලු. මහත්තයො කරන්න බැරිනම් හමුදාවට බාර දෙන්න.