( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල බන්ධනාගාර සිර මැදිරියේ තාවකාලිකව රඳවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් සිවු දෙනකු අද අලුයම පලාගොස් ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මෙම සැකකරුවන් සිවු දෙනා නඩු කටයුතු සඳහා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රඳවා සිටියදී මෙසේ පලා ගොස් ඇති බව පොලිස් කියයි.
අවුරුදු 20, 26,27 වයස් වල පසුවන මෙම සැකකරුවන් සිවු දෙනා කුරුණෑගල වැල්ලව පහළ පේද්දව, තුරුළියගම, මාවතගම හිඳගොල්ල සහ මාවතගම දෙල්ගොල්ල වත්තේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
පලාගොස් ඇති සැකකරුවන් කිසිවකු අද පස්වරුව වන තුරු අත්අඩංගුවට ගෙන නොතීබූ අතර පොලිස් කණ්ඩායම් කීපයක්ම පලාගොස් සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරයි.
COMMENTS
මරුනේ, කුඩ්ඩන් 04 දෙනෙක් පැනලා යනකම් නිලධාරින් නිදාගෙන හිටියද? එහෙම නැත්නම් පැනලා යන්න ඉඩදීලා බලන් උන්නාද? කුඩු කියන්නේ නිකම්ද ? සල්ලිනේ..?