(ඩයනා උදයංගනී)
මත්කුඩු භාවිතා කර රිය පදවන්නන් හඳුනාගත හැකි උපකරණ ද ඉදිරියේදී පොලීසියට ලබාදෙන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
යම් අයකු මත්කුඩු භාවිතා කර ඇත්ද යන්න එම උපකරණ යොදාගෙන කෙල සාම්පලයක් මගින් විනාඩි 15ක් 20ක් වැනි කාලයදී හඳුනාගත හැකි බව ද ඇමතිවරයා සඳහන් කරයි.
මෙම උපකරණ මගින් දින තුනක් හෝ ඊට අඩු කාලයක් තුළ මත්කුඩු ලබාගෙන ඇති අය හඳුනාගෙන ඇතැයි කී ඇමතිවරයා රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණවලින් විශාල ප්‍රමාණයකට මත්කුඩු භාවිතය හේතු වී ඇතත් ඒවා භාවිතා කරන්නන් හඳුනාගත හැකි උපකරණ මෙරට නොතිබූ බව කියයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රිය අනතුරු හේතුවෙන් වසර 10කදී 27,000 ක් මිය ගොස් ඇතැයි කී ඇමතිවරයා මේ වසරේ ගතවූ කාලයේදී පමණක් මරණ 750ක් වාර්තා වී ඇතැවි පැවසීය.
එම මරණවලින් මත්ද්‍රව්‍ය නිසා සිදුව ඇත්තේ සියයට 10ක් පමණක් බව කී ඇමතිවරයා සියයට 40කට පමණ හේතුව අධික වේගය බවත්, අධික වේගයෙන් රිය පදවන්නන්ගෙන් බහුතරය මත්කුඩු භාවිතා කරන්නන් බව හෙළිවී තිබෙන බවත් කීවේය.
මත්පැන් භාවිතා කර රිය පදවන්නන් හඳුනාගැනීමේ ක්‍රමවේද පවතින නමුත් මත්කුඩු භාවිතා කරන්නන් හඳුනාගැනීමේ ක්‍රමයන් නොපැවතීම අඩුවක් බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට තව කීයක් හරි හොයගන්න කරන වැඩක් තමයි ඕක....
සාර්ථක උත්සාහයක් ... ඒත්, මේ ක්‍රමය රජවාසලටත් ගෙනාවොත් හොඳ වගෙයි නේද? රන්ජන්ගේ දේශපාලන මතය ගැන අපට ගැටළු තිබුණත්, ඔහු කී ඇතැම් දේ ගැන අමතක කරන්නට නම් බැහැ. මතකද ඔහු පාර්ලිමේන්තුවේ ඉන්නා කුඩු බොන්නන් ගැන ප්‍රසිද්ධියේ කී කතාව. එයට පාර්ලිමේන්තුවේ බොහෝ දෙනාගේ ඉහමොළ රත්වුණා. ඒ වගේම බොහෝ අය ලේ පරීක්ෂාවකට බියවුණා. එයට හේතුව කාට කාටත් රහසක් නෙමෙයි නේ. ඒ නිසා අපේ පාර්ලිමේන්තුවේ ප්‍රයෝජනයටත් මේ ක්‍රමය අත්‍යාවශ්‍යයි.
කුඩ්ඩන් අල්ලන් මැෂින් එකෙන් බැරිද කුඩු ගේන අය අල්ලන්න..? කුඩු බොන අය ලක්ෂයක් අල්ලන එකද ලේසි? කුඩු ගේන කෙනාව අල්ලන එකද ලේසි..?
අද වෙනකොට රටේ වැඩිහරියක්ම පත්තු වෙන්නේ පුස් වෙඩි! ආණ්ඩුවේ ඉන්න වියත් මැති-අමැතිලා තරඟෙට පුස් වෙඩි පත්තු කරනවා! - අනේ මේ රටේ මොලේ තියෙන එක බලවතෙක් හෝ ඉන්නවා නම් රටට කුඩු ගේන එක නතර කරලා දෙන්නකෝ...!
ඔය මැෂිමෙන් අර ඇඳුම් ගිහින් දෙන අයව අල්ලන්න බැරිද...?
එතකොට ලන්සාලා?
මේ වැඩෙත් හොඳයි. නමුත් කුඩු ප්‍රශ්නයට දේශපාලකයින් ද හවුල් බවට කතා පැතිරිලා තියෙනවා. ඒ නිසි වැඩේ එතෙන්ටත් යන්න ඕනෑ..!!!.
මෙතුමා කියන ඒවා ගැන දෙවරක් සිතන්න ඕනෑ... අර බුර්කාව තහනම් කළා වගේද දන්නේ නැහැනේ...?
කුඩ්ඩා ඇල්ලුවට ඇමතිට කෝල් කරලා නිදහස් වෙයිද? මැෂිමකට බැහැ රටේ නීතිගරුක කරන්න... ඒක කරන්න පුළුවන්... රටේ බලය ඇති ලොක්කන්ටයි...
අනේ දෙයියනේ... ඔය මැෂින් ගෙන්නන කොන්ත්‍රාත්තුවේ කොටසක්වත් මට ලැබීයන්...
මම දැක්කා හැමතැනම ‘සරත්‘ කියලා දාලා තියෙනවා. පව්...!!!
මෙයාලගේ කයිවාරු විතරයි . අල්ලන කුඩු වලට මොකද වෙන්නේ? හොර පාරෙන් යනව ඇති .කුඩු ජාවාරම් කාරයෝ නම් බේරෙනවා .දේසපාලුවන්ගේ චන්ද කෙරුවාවට අතපය දිග හැරලා වියදම් කරන හින්දා .දුශිත දේසපාලුවන්ගේ පිහිටෙන් ජාවාරම නැගලා යනවා. පොලිසියේ ලොක්කොත් මේවා පිටිපස්සෙ ඉන්නවා.කුඩු කියන්නේ සල්ලිනේ?
ඊට කලින් ලඟින්ම ඉන්න මහාපරිමාණයේ කුඩු මුදලාලිලා අල්ලන උපකරණයක් හැදුවොත් වැඩේ වඩාත් ලේසිවෙයි.